එක්සත් ජනපදය ගැන වැඩි විශ්වාසයක් නැහැ- ඇන්ජෙලා මාකේල්

යුරෝපයට එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානිය ගැන වැඩිදුර බලාපොරොත්තු තබා ගත නොහැකි බවට ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාකේල් පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය මේ බව පවසා ඇත්තේ සිය පක්ෂයේ මැතිවරණ නියෝජතයින් පසුගිය සෙනසුරාදා පැවැති හමුවක් අමතාය.

යුරෝපයට තවදුරටත් සිය පැරණි මිතුරන් සමග පමණක් විශ්වාසය තබා කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවත් තමා මෑතක පැවති ජී7 සමුළුව අවසානයේදී හොදින්ම පසක් කරගත්බව සිය පාක්ෂික හිතවතුන් අමතමින් පැවසුවාය.

 ඇයට මෙසේ කීමට සිදුව ඇත්තේ පසුගියදා ඉතාලියේ සිසිලි හිදී අවසන්වූ ජී 7 රටවල රාජ්‍ය නායකයින් හමුවීමෙන් පසුව වීම විමතියට කරුණක්ව ඇති බවයි.

මන්ද ජී7 සමුළුවේ රාජ්‍ය නායකයින් හමුව අවසානයේ 2015දී පැරිස් සමුළුව මගින් එකගවූ දේශගුණික වෙනස්කම් සදහා වන එකගතාවයන්ට එළැඹීමට නොපැමිණීම හේතු කොටගෙන මෙම නොක්කාඩුව ප්‍රකටව ඇති බව වාර්තාවේ.

යුරෝපා සංගමයෙන් එංගලන්තය ඉවත්වීමත් ඩොනල්ට්‍රම් එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසුව සිය නෙටෝ සංවිධානයේ වියදම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සිය නේටෝ සාමාජිකයින්ම දැරිය යුත් බවට වන අදහසත් ඉදිරිපත් කර ඇත.

එක්සත් ජනපදය හෝ බ්‍රිතාන්‍ය සමග පමණක් සිය සමීප සමිබන්ධතා පවත්වා ගැනීමේ වැරුද්ද ඉදිරියට නොකළ යුතු බවත් රුසියානු හා අනෙකුත් මිත්‍රශ්‍රීලී රටවල් සමගද සම්බන්ධතා වැඩිදියුණු කිරීම කළයුතු බව මාකෙල් මෙහිදී අවධාරණය කර ඇත.

මෙහිදී විශේෂයෙන් ඇය පවසා ඇත්තේ ප්‍රංශය නව ජනාධිපතිවරයා වන එමානුවෙල් මැක්රෝන් සමග සමීපව කටයුතු කිරීමේ වුවමනාම දැඩිව අවධාරණය කරමිනි.

Leave a Reply