නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන වෙත යැවූ බව වාර්තාවේ. තිලක් මාරපන අමාත්‍යවරයාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී සිය තීරණය හෙළිකර තිබුනි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇවන්ගාඩ් වංචාව පිළිබදව පැවැති පාර්ලිමේන්තු විවාදයකදී අමාත්‍යවරයා විසින් කළ ප්‍රකාශයට එරෙහිව විවිධ පාර්ශව විසින් ඊට එරෙහිව මත ප්‍රකාශ කර තිබුනි. සිය පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය විසින් ඇවන්ගාඩ් ප්රශ්නය පොලිසීය විසින් ජනප්රියවීමට කරනු ලැබූ මිලේනියම් සිටි පන්නයේ වැටලීමක් බව ඔහු අවධාරණය කළේය.
මේ ප්‍රකාශයත් සමග ඇවන්ගාඩ් සිදුවීම මගින් කරන ලද මහා පරිමාණ වංචාව යටපත් කිරීමේ වුවමනාවෙන් කරන ලද ප්‍රකාශයක් බවත් එම සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයකු වන තිලක් මාරපන මෙම සිදුවීම තම ඇමැතිධුරය එම වුවමනාව වෙනුඅවෙන් යෙදවූ බවට චෝදනා එල්ලවී තිබුනි.