2015 වසරේ අග භාගයේදී සිනමා ශාලාවට සම්ප්‍රාප්ත වුණු තවත් අපූරු විදයා ප්‍රබන්ධයක් තමයි The Martian චිත්‍රපටය. සිනමා අගයන් ඇතුළත එහෙමත් නැත්නම් IMDB අගයන් තුළ 8.4ක් තරම් ඉහළ අගයක් දිනා ගැනීමට සමත් වුණු මේ සිනමා නිර්මාණය අගහරු ගවේශනයේ තවත් පැතිකඩක් සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරමින් නිර්මාණය වූවක්.

මේ චිත්‍රපටයේ මූලික අවස්ථාව නවකතාවක්. ඒ කියන්නේ මෙය මුලින්ම විද්‍යා ප්‍රබන්ධ නවකතාවක්. අමෙරිකනු ජාතික Andy Weir කියන රචකයා මුලින්ම මේ නවකතාව කොටස් වහයෙන් සිය බ්ලොග් අඩවියේ ලියූවක්. පසුව පාඨකයින්ගේ ඉල්ලීම මත ඔහු ඩොලර් ශත 99කට (ඒ කියන්නේ රුපියල් 120ක්) වගේ සුලු මුදලකට බාගත කිරීමට ලෝක ප්‍රකට Amazon වෙබ් අඩවියට ලබා දෙනවා. ඒ වගේ අඩු තක්සේරුවක් තිබුණු කතා සාරාංශයක් තමයි මේ තරම් ඉහළ අගයකට මේ වෙන කොට ඇවිත් තියෙන්නේ.
ලෝකප්‍රකට සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන බ්‍රිතාන්‍ය ජාතික Ridley Scott විසින් තමයි මෙම චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරල තියෙන්නේ. යුධ චිත්‍රපටයක් වන බ්ලැක් හැක් ඩෝව්න් Black Hawk Down (2001), අපරාධ ගණයේ චිත්‍රපටයක් වන හැනිබල් Hannibal (2001), චරිතාපදාන සිනමා නිර්මාණයක් වන ඇමරිකානු දාමරිකයෙක් American Gangster (2007), සහ විද්යා ප්‍රබන්ධ චිත්‍රපයක් වන ප්‍රොමිතියස් ඔහුගේ විශිෂ්ඨ සිනමා නිර්මාණයි.

මේ සිනමා නිර්මාණයේ තියෙන අනෙක් සුවිශේෂීත්වය තමයි ලෝකයේ ප්‍රථම වරට නාසා ආයතනය සිය තාක්ෂණික සහය ලබා දුන් චිත්‍රපටය බවට මෙම චිත්‍රපටය පත් වීම. මෙහි එක් නිෂ්පාදකයෙක් වන මාක් සිය පළමු රැස්වීමට නාසා ආයතනයට ආරාධනා කොට තිබුණා. කෙසේ වෙතත් නාසා ආයතනය සිය සිය අගහරු විද්‍යා තාක්ෂණයෙන් සහය ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නාසා ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වන James L. Green, Dave Lavery ඇතුලු බොහෝ දෙනෙක් මේ සදහා සහයෝගය දක්වා තිබෙනවා. චිත්‍රපටයේ රූගතකිරීම්වලදී අගහරු ග්‍රහයාගේ ස්වරූපය, ගගනගාමීන්ගේ ස්වරූපය, පෙනුම ආදී කාරණා ගණනාවක් සම්බන්ධයෙන් වගේම තාක්ෂණික කාරනා සම්බන්ධයෙන් ද අදහස් ඉදිරිපත් කර තිබෙන්නේ නාසා ආයතනය. නාසා ආයතනයේ මෙම සහය සම්බන්ධයෙන් වරක් ටයිම්ස් පුවත්පත අදහස් දක්වා තිබුණේ ප්‍රජාව අගහරු මත වයාප්ත කිරීම පිළිබද දැනුම්වත් කිරීමට නාසා ආයතනය මෙම චිත්‍රපටය යොදා ගත් බවකි.
ඒ විතරක් නෙමෙයි මෙම චිත්‍රපටයේ එන රොකට් සදහා යොදා ගෙන තියෙන්නේ සැබෑ ප්ලාස්මා රොකට් තාක්ෂණයයි. ඒ වගේම මෙහි එන ගගනගාමීන්ගේ ඇදුම් නිර්මාණය කරල තියෙන්නේ නාසා ආයතනයේ කොස්ටා-රිකා ජාතික අභ්‍යවකාශගාමියෙක් වෙච්ච Franklin Chang Diaz ගේ Ad Astra Rocket company නමැති සමගම විසින්. මෙහි ඇති අනෙක් අපූර්වත්වය තමයි මේ ගගනගාමී ඇදුම් කට්ටලය ඉදිරියේදී අභ්‍යවකාශගත කිරීමට නියමිත නියමුවන්ගේ ඇදුම් නිර්මාණය සදහා ආදර්ශකයක් වීම.

මෙහි කතා සාරාංශය ගත්තොත් අඟහරු ගවේෂණය සඳහා මිනිසුන්ව පිටත්කර හරින මෙහෙයුමක් දී යානය අඟහරු මතට ගොඩබස්වා ඇති අවස්තාවක ඇතිවන කුනාටු තත්වයක් නිසා තම අජටාකාශගාමින් කණ්ඩායම ආපසු කැඳවීමට නාසා ආයතය තීරණය කරනව. එවෙලේ අජටාකාශ ගාමී මාක් වොට්නිට යාන්ත්‍රික කොටසක් වැදිල දරුණු ලෙස තුවාල ලබනව. මේ නිසා ඔහුව මගහැරෙන අතර සගයින් සිතන්නේ ඔහු මියගිය බවත්. මේ අතර අනිත් පිරිස කුණාටුවෙන් බේරිලා පෘථිවිය බාලා එනව. මේ අතර මිය ගියා කියල හිතපු මාර්ක් අවදිවෙනවා. ඒ වෙනකාට හුදකලා අගහරු ග්‍රහය මත තනිවෙලා. ඊට පස්සෙ මොකද වෙන්නේ?
මෙහි රංගනයෙන් Matt Damon, Jessica Chastain, Kristen Wiig, Jeff Daniels, Michael Peña, Kate Mara, Sean Bean, Benedict Wong, Donald Glover, Sebastian Stan, Aksel Hennie, Chiwetel Ejiofor වගේ විශිෂ්ඨ නළු නලියන් රැසකගේ දායකත්වය ලැබුණු මෙම චිත්‍රපටය Ridley Scottගේ වැඩිම ආදායම් උපයපු සිනමා නිර්මාණය ලෙසත් වාර්තාගත වෙනවා. ඒ විතරක් නෙමෙයි 2015 වසරේ වැඩිම ආදායම් උපයපු සිනමා නිර්මාණ අතර දහවන තැන ලබා ගත් මේ සිනමා නිර්මාණය ලබපු ශුද්ධ ආදායම ඩොලර් මිලියන 150.32ක්.