தமிழ்
English
Contact
Saturday 14th October 2017    
අනන්තයට කල්දැමූ වෛද්‍ය පීඨ දෙක දැන් දෙනවලු! « Lanka Views | Views of the truth

අනන්තයට කල්දැමූ වෛද්‍ය පීඨ දෙක දැන් දෙනවලු!



අධ්‍යාපන පෞද්ගලිකකරණ සැලසුම් ඉදිරියට ගැනීම සදහා රාජපක්ෂ ආණ්ඩුව විසින් මෙන්ම හවුල් ආණ්ඩුව විසින්ද දින නියමයක් නැතිව කල් දමා තිබුණූ සබරගමුව හා මොරටුව විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ව්‍යාපෘති අවධානයට ගන්නට කටයුතු කරමින් සිටී.

රත්නපුර රෝහල ශික්ෂණ රෝලක් බවට පත්කිරීමට තරම් මට්ටමක තිබියදී සබරගමුව විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබා දෙන්නට රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇස්තමේන්තු කර තිබුනේ මිලියන 200කි. එහෙත් මාලබේ සයිටම් ආයතනයට ලංකා බැංකුවෙන් මිලියන 600ක ණයක් ලබා දෙන්නට එවකට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ හා උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායකගේ මැදිහත් වීමෙන් අනුමැතිය හිමි විය. එසේම මොරටුව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදීමේ යෝජනාවද ආණ්ඩුව විසින් නොසලකා හැර තිබුණි.

පෞද්ගලික උපාධි කඩ ඇති කිරීමේ අරමුන මත ආණ්ඩුව විශ්වවිද්‍යාලවල වෛද්‍යවරුන් බිහිකිරීමේ සැලසුම් හකුලා ඇති බවට ශිෂ්‍ය ව්‍යාපාරය විසින් පසුගිය කාලයේ දිගින් දිගටම චෝදනා නගන ලදී. සයිටම් විරෝධය හරහා අධ්‍යාපන පෞද්ගලිකකරණය හා සෞඛ්‍ය සේවා පෞද්ගලිකකරණයට ආණ්ඩුව ගන්නා උත්සාහය පසුබැස තිබේ. මෙම පසුබිම තුළ ආණ්ඩුවේ සුජාතභාවය ආරක්ෂා කරන්නට නව වෛද්‍ය පීඨ දෙක වත්මන් ආණ්ඩුවේ සැලසුම් ලෙස ඉදිරියට ගන්නට පාලකයන් කටයුතු කරමින් සිටී.




Related News