தமிழ்
English
Contact
Saturday 14th October 2017    
පේරාදෙණි කළමනාකරණ පීඨයට රසවින්දනය තහනම් – විරෝධතාවක් « Lanka Views | Views of the truth

පේරාදෙණි කළමනාකරණ පීඨයට රසවින්දනය තහනම් – විරෝධතාවක්



ගී රස වින්දන වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධයෙන් එම පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුලූ පස් දෙනෙකුට පන්ති තහනම් ලබා දීමට පීඨ පරිපාලනය කටයුතු කර ඇත. මෙම පන්ති තහනම සඳහා පදනම් වී ඇති හේතු ලෙස දක්වා තිබුණේ රසවින්දන සංවාදය සදහා සම්පත්දායකයන් විශ්වවිද්‍යාල පාලකයන්ගේ අවසර ගැනීමකින් තොරව විශ්වවිද්‍යාල භූමියට කැදවාගෙනවිත් අදාළ වැඩසටහන පැවත්වීමයි. පේරාදෙණිය කළමණකරණ පීඨය තුළ ඉකුත් 23 වැනිදා ‘ගීතය දෘෂ්ටිවාදයකි‘ නමින් මෙම රසවින්දන සන්ධ්‍යාව සංවිධානය කරන ලදී.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ කලාව පරිහාණියට ගොස් ඇති බවටත්, කලාකරුවන්ට ඉඩක් ලබා නොදෙන සිසුන් ප‍්‍රජාවක් සිටින බවටත් දෝෂාරෝපන පසුගිය කාල සීමාව මුලූල්ලේම එල්ල වී තිබිය දී කළමණාකරණ පීඨ සිසුන් එක්ව සිසුන්ගේ සාහිත්‍ය රසවින්දනය හා නිර්මාණ හැකියාව ඔප්නැංවීමට ගත් වැඩපිළිවෙලට පන්ති තහනම් ලබා දීම හාස්‍යජනක බව එම විශ්ව විද්‍යාලයේම බොහෝ අචාර්යවරුන්ගේ සහ සිසුන්ගේ මතයයි.

සිසුන් විසින් ලිඛිතව අවස්ථා කිහිපයකදී පීඨාධිපති අවසරය ඉල්ලා තිබුනද ඒ සඳහා පීඨයේ පීඨාධිපති දක්වා ඇති ප‍්‍රතිචාරය වී ඇත්තේ සිසුන්ට එවැනි සංවාද පැවැත්වීමට ඉඩ නොමැති බවත්  එය පීඨ පරිපාලනයට අවශ්‍ය අය ගෙන්වා පීඨ පරිපාලනයට අවශ්‍ය මාතෘකා යටතේ පමණක් සිදුවිය යුත්තක් බවයි. සිසුන්ගේ සාහිත්‍යමය හැකියාවෙන් ඔප්නැවීමේ අභිලාශය මත එම ගී රස වින්දන වැඩසටහන ඉකුත් 23 වනදා පැවැත් වූ අතර ඊට එරෙහිව ලබාදුන් පන්ති තහනමට කළමණාකරණ පීඨ සිසුන් අද (05) වන විට දින 07 ක අඛණ්ඩ පන්ති වර්ජනයක නියැලී සිටිති.

Save




Related News