අපූරු ගෙවීම් ක්‍රමයකට පුල්මුඩේ ඛනිජ නිධිය ඉන්දියාවට!

පුල්මුඩේ පිහිටි අගනා ලෝහ දුව්‍ය අඩංගු ඛනිජ වැලි නිධිය හොර රහසේම ගිවිසුම් ගසා ඉන්දියානු සමාගමකට පවරන්නට ආණ්ඩුව සූදානම් වෙයි.

ඛනිජ වැලි නිධිය අයත් සමාගම මෙසේ පවරන්නේ එය මිලදී ගෙන ඛනිජ නිෂ්පාදන අලෙවිකර උපදවන ආදායමෙන් සියලු ගෙවීම් පියවන කොන්දේසිය යටතේ බවද වාර්තා වේ. ලංකා ඛණිජ වැලි සමාගම නමින් මෙම ඛනිජ නිධියට සම්බන්ධ සමාගම ඉන්දියානු සමාගමට පැවරීමෙන් එහි අයිතිය ‘අකෝඩ් ගෘප්‘ ඉන්දියානු සමාගමට පවරන්නට අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන්නට නියමිතය. කෙසේවෙතත් මේ පිළිබද ඇමති මණ්ඩලයේ අවධානය යොමුව ඇත්තේ අද දින(6) ඇමති රීෂාඩ් බදුර්දීන් විසින් ඉදිරිපත් කළ කැබිනට් සදේශය අනුවය. තරගකාරී ටෙන්ඩර් කැදවීමකින් හෝ වෙනත් විනිවිදභාවයකින් තොරව මෙම ඛනිජ සමාගම ඉන්දිය සමාගමට පවරන්නේ සමාගම විසින් 2011 වසරේ රුපියල් මිලියන 1107ක්ද 2012දී රුපියල් මිලියන 1373 වශයෙන් ද ලාභ උපදවා ඇති තත්වයකදීය.

ස්විස් චැලෙන්ජ් නමැති ක්‍රමය යටතේ ඛනිජ නිධිය ඉන්දියානු සමගමට පවරනු ලබන අතර අකෝඩ් ගෘප් විසින් මෙම සමාගම වහාම මිලයට ගන්නට නියමිතය.

 

Save