කටාර් සිට පැමිණි පුද්ගලයින් කටුනායකදී දැඩි දුෂ්කරතාවයක
Posted on 06.06.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රය තුළ පවතින රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ශාඛා විසින් කටාර් රියාල් මුදල් ඒකකය හුවමාරු කිරීම ප්‍රතික්‍ෂේප කිරීමත් සමඟ මෙම ගැටළු සහගත තත්වය උද්ගත වී ඇත. කාටර් රාජ්‍ය තුළ සේවයේ නිරත වී සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් සිය උපාය ගත් මුදල රුපියල් බවට පරිවර්තනය කර ගැනීමට නොහැකි වීමෙන් මහත් අපහසුතාවයන්ට පත්වී ඇති බව වාර්තා වේ. ඇතැමුන්ට සිය නිවෙස් කරා යාමට පවා නොහැකි වී ඇත. මේ තත්වය හමුවේ ගුවන් තොටුපල පරිශ්‍රයේ ඇති ව්‍යාපාර ස්ථානද රියාල් භාර ගැනීම ප්‍රතික්‍ෂේප කරමින් සිටී.
අදාළ විනිමය ඒකක හුවමාරු කර නොගන්නා ලෙස ගුවන්තොටුපළ කළමනාකාරීත්වය විසින් බැංකු ශාඛා වෙන දැනුම්දී ඇති බව වාර්ථා වේ. සෞධි අරාබිය ඇතුළු රටවල් 6ක් කටාර් රාජ්‍ය සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා අත්හැරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
මෙලෙස ගැටළුවක් උද්ගත වී ඇති තිබියදී විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක පවසන්නේ මෙම තත්වයෙන් ශ්‍රී ලංකාවට හෝ කටාර් රාජ්‍ය තුළ සේවයේ නිරත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි.
කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසා තිබෙන්නේ එලෙස කාටාර්, රියාල් භාර නොගැනීමට වාණිජ බැංකු වලට පවසා නොමැති බව වේ.
Related News