தமிழ்
English
Contact
Saturday 14th October 2017    
ආපදාවෙන් මරණ 224ක් – 78ක් අතුරුදන් ! « Lanka Views | Views of the truth

ආපදාවෙන් මරණ 224ක් – 78ක් අතුරුදන් !



ආපදා තත්වය නිසා මරණයට පත්වූ ගණන 224ක් බවත් 78ක් අතුරුදන්ව ඇති බවත් ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ නවතම වාර්තා හෙළිකරයි.

මේ අතර රත්නපුර, කෑගල්ල, ගාල්ල, කලුතර, මාතර, හම්බන්තොට හා නුවරඑළිය දිස්ත්‍රික්කවල නායයාමේ අනතුර තවමත් පහව ගොස් නැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. සමස්තයක් ලෙස පවුල් ඒකක 179,376ට අයත් 698,289  පමණ පිරිසක් මෙම අයහපත් කාලගුණ තත්වයෙන් හානියට පත්ව සිටිති. ඒ අතුරින් පවුල්  7,131කට අයත්  25, 245 පමන පිරිසක්  විවිධ ස්ථානවල පිහිටි අවතැන් කදවුරු 225 ක නවාතැන් ගෙන සිටිති. මෙම ආපදා තත්වය අවසානයේ දිවයින පුරා නිවාස 2000ක් පූර්ණ හානියට පත්ව  තවත් නිවාස 11000ක් අර්ධ හානියට පත්ව ඇතැයි වාර්තා වී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ 86 ක් මියගොස් 26දෙනකු අතුරුදන්ව තිබේ. නිවාස 407ක් පූර්ණ හානියට පත්ව  තවත් නිවාස 3, 152 ක් අර්ධ හානියට පත්ව ඇත. ඊට අමතරව 14, 775ක් පමණ අවතැන්ව සිටිති.

කලුතර දිස්ත්‍රික්කයේ 45 දෙනෙක් මියගොස් 50දෙනකු අතුරුදන්ව තිබේ. නිවාස 407ක් පූර්ණ හානියට පත්ව  තවත් නිවාස 1324ක් අර්ධ හානියට පත්ව ඇත. පවුල් පනස් දහසකට අයත් පුද්ගලයන් 187,000 මෙහිදී ආපදාවට ගොදුරුව තිබේ. එසේම 1100ක් පමණ අවතැන්ව සිටිති.

මාතර දිස්ත්‍රික්කයේ 44 ක් මියගොස් දෙදෙනකු අතුරුදන්ව තිබේ. නිවාස 947ක් පූර්ණ හානියට පත්ව  තවත් නිවාස 4, 946ක් අර්ධ හානියට පත්ව ඇත. වැඩිම ආපදාව සිදුව ඇත්තේ නිල්වලා ඉවුර ගංවතුරට ලක්වීමෙනි. එහිදී පවුල් 1500කට අයත් හයදහසක් පමණ අවතැන්ව සිටිති.




Related News