தமிழ்
English
Contact
Sunday 5th November 2017    
සැක නිසා බාස්මති සහල් නිකුත් නොකෙරේ! – ලක් සතොස « Lanka Views | Views of the truth

සැක නිසා බාස්මති සහල් නිකුත් නොකෙරේ! – ලක් සතොස



පාකිස්තානයෙන් ආනයනය කළ බාස්මති සහල් තොගය ‘ප්ලාස්ටික් සහල්‘ බවට පැතිර ගිය කටකතාව මත වෙළෙදපොළට නිකුත් කිරීම නවතා දැමු බව ‘ලංකා සතොස‘ සභාපති ටී.එම්.කේ.බී.තෙන්නකෝන් ජනමාධ්‍ය වෙත පවසා තිබේ.

සභාපතිවරයා පවසන ආකාරයට ආනයනය කළ බාස්මති මෙට්‍රික් ටොන් 20කින් 4ක් පමණක් දැනට වෙලෙදපොළට නිකුත් කර ඇත. එම බාස්මති තොගය පිළිබද සැකයක් මතුව ඇති නිසා මින් පසුව එම සහල් නිකුත් කරන්නට පෙර වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී පරික්ෂා කර සහතිකයක් ලබාගන්නා බව සතොස සභාපතිවරයා පවසයි.




Related News