ආනයනික සීනි මත පනවන බද්ද ඉහලට
Posted on 06.06.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
අද මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි ආනයනික සීනි මත පනවන රෙගු බද්ද ඉහල දමන බව මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙතෙක් ආනයනික සීනි කිලෝවකට පනවා තිබු රු:13 ක්ව පැවති විශේෂ වෙළඳ බද්ද රු:23ක් දක්වා රු:10කින් ඉහල යන බව වාර්ථා වේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වුණු ජීවන වියදම් කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ.
ජාත්‍යන්තර වෙළඳ පොළ සීනි මිල පහල වැටීම හේතුවෙන් ලංකාවේ සීනි කර්මාන්තය ආරක්ෂා කිරීමට මෙම තීරණය ගෙන ඇති බවත් මෙමගින් වෙළඳපොළ මිලට බලපෑමක් නොවන බවත් මුදල් අමාත්‍යංශය පවසා ඇත.
කෙසේ වෙතත් මෙම බදු ඉහල දැමීම සෘජුවම වෙළඳපොල මිලට බලපෑම් වන බව තොග වෙළඳුන් පවසයි.