தமிழ்
English
Contact
Wednesday 20th September 2017    
සුසන්තිකා පදක්කම් වෙන්දේසිය අත්හරී « Lanka Views | Views of the truth

සුසන්තිකා පදක්කම් වෙන්දේසිය අත්හරී



ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රශ්නය විසදන්නට මැදිහත්  වූ නිසා 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියේදී මීටර් 200 කෙටිදුර ධාවනයට දිනාගත් රිදී පදක්කම වෙන්දේසි කිරීමට ගත් තීරණය වෙනස් කළ බව සුසන්තිකා ජයසිංහ පවසයි.

පසුගියදා මෙම තීරණයට එළඹියේ තමන් ක්‍රීඩා අමාත්‍යංශයේ දරණ උපදේශක තනතුරෙන් ඉවත්කිරීමත් සමග ඇති වූ ආර්ථික ගැටලු නිසා බව ඇය ජනමාධ්‍ය වෙත පවසා තිබිණී. උත්සවයකදී මෙම තත්වය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමත් සමග ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර තමාට දුරකථනයෙනන් අමතා “තමුසෙ චෙක් එක අරන් යනවා“ යනුවෙන් පැවසූ බවත්  එවැනි ආකාරයෙන් ආමන්ත්‍රනය කරනු ලබන්නට සුදුසු අයකු නොවන බවත් ඇය ජනමාධ්‍ය වෙත පවසා තිබිණි. මසකට 80000ක වැටුපක් දෙන බව කීවද ක්‍රීඩා අමාත්‍යංශයේ නිල රාජකාරි පැවරීමක් හෝ නියමිත රාජකාරි ස්ථානයක් ලබාදීම සිදු නොකළ බවත් ඇය පවසා සිටියාය. මෙම තත්වය මත තමන් කිසිවක් කරන්නේ නැත යන පදනමින් පසුගිය අප්‍රේල් මාසයේ ඇගේ වැටුප 60000 දක්වා පහත හෙලූ බවද ඇය අවධාරණය කර තිබිණී.

 




Related News