උතුරුමැද පළාත් සභාවේ සභානායක අත්අඩංගුවට

arrested

උතුරු මැද පළාත් සභාවේ සභා නායක පොලොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර රත්නායක අද (13) දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මහජනතාවට බෙදා දීමට තිබූ රුපියල් ලක්ෂ 10 ක් වටිනා සෙවිලි තහඩු තොගයකට අදාළ වංචාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අනුව සභා නායකවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply