කොළඹ කොටුව අඛණ්ඩ විරෝධය- අට්ටාලේ අවුරුදු දා

2016.04-13 Fort Attale

බක් මසදී සාම්ප්‍රදායිකව යෙදී ඇති සිංහල-දෙමළ අවුරුදු උත්සවය වෙනුවෙන් ගමේ යන්නට කොළඹ සිටි බොහෝ දෙනා කටයුතු කරද්දී කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙසත් පුරවැසි අයිතිය තහවනුරු කරන ලෙසත් බලකරමින් අඛණ්ඩ විරෝධතාවයේ යෙදෙන ඔවුහු පිටත්ව නොගියහ.

2015 නොවැම්බර් 4 වැනිදා කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගත් අතර නොවැම්බර් 13වැනිදා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරින් විසින් මෙම විරෝධතාව ආරම්භ කරන ලදී. මෙම අඛන්ඩ විරෝධය ආරම්භ කර අදට දින 155ක් ගෙවී තිබේ.

කොළඹ කොටුව දුම්රිය ආරක්ෂක අංශය විසින් මේ සම්බන්ධව ගොනු කළ නඩුවකදී මෙම ස්ථානයේ විරෝධතාවක් පැවැත්වීම දුම්රිය මගීන්ට අවහිරයක් බවට කරුණු ඉදිරිපත් කර තිබිණි. එහෙත් දුම්රිය මගීන්ට හෝ පදික ජනයාට මෙම ස්ථානයේ විරෝධතාවක් නිසා එවැනි කිසිදු අවහිරයක් සිදුවී නැති බව ද විරෝධය පෑමේ අයිතිය ලංකාවේ ඕනෑම පුරවැසියකුට ඇති බව විරෝධතාකරුවන්ගේ පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥයන් විසින් තර්ක කිරීමෙන් පසුව මහෙස්ත්‍රත්වරයා විසින් එකී විරෝධය ප්‍රතික්ෂේප කරණ ලදී.

කුමාර් ගුණරත්නම්ගේ පාරම්පරික පුරවැසිභාවය තහවුරු කරන ලෙස ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, ආගමන විගමන පාලකවරයාට, නීතිපතිවරයාට හා විෂය භාර ඇමැතිවරයාට විවිධ අවස්ථාවල කරන ලද ඉලලීම් හා අයදුම්පත්වලට බලධාරින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රකාශකයෙක් සදහන් කර තිබිණි.