අවුරුදු සමයේදී උග්‍රවන රිය අනතුරු අවම කිරීමේ පිළියමක් ලෙස ක්‍රියාත්මක කෙරුනු බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ වැඩසටහන යටතේ පසුගිය පැය 24 තුළ රියදුරන් 215 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මින් ඉදිරියට බිමතින් රිය පදවනවුන්ගේ රියදුරු බලපත් අහෝසි කරන්නට තීරණය කර ඇති බව පොලිසිය කියයි.
ඊයේ දිනය තුළ පමණක් යතුරුපැදිකරුවන් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එසේම, ත්‍රීරෝද රථ රියදුරන් 66 ක්, ලොරි රථ රියදුරන් 07ක්, මෝටර් රථ රියදුරන් 09 ක් සහ වෑන් රථ රියදුරන් 04 ක් මාර්ග පරික්ෂාවලදී අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
උත්සව සමයේදී බීමතින් රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය අප්‍රේල් 10 වැනිදා සිට දිවයිනේ සියළු ප්‍රදේශවල විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.


