ටින් මාළු හෙවත් මැකරල් ආනයනයේදී පනවා ඇති විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රුපියල් රුපියල් 100 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම නව තීරණය අදාල කර ඇත්තේ ටින් මාළු කිලෝවකට රු. 100ක් වන පරිදිය. ටින් කළ මාළු ආනයනයේදී කිලෝවකට මෙතෙක් අය කරනු ලැබුවේ රුපියල් 50ක බදු මුදලකි.
නව තීරණය යටතේ කිලෝවකට එය රුපියල් 100 දක්වා වැඩි වී ඇත.

