වසීම් තාජුඩීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාගේ සී.සී.ටී.වී. කැමරා දර්ශන පටිගත කෙරෙන හාඩ් ඩිස්ක් පරීක්ෂා කිරීමට සූදානම් වේ.
2012 මැයි 15 වැනිදා දර්ශන පරීක්ෂා කිරීමට අවශ්‍ය බව එම පරීක්ෂණ කණ්ඩායම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම්දීමෙන් පසුව මාර්තු 10 වැනිදාට පෙර ඒවා ලබා දෙන ලෙස විනිසුරුවරයා විසින් නියෝග කරනු ලැබ තිබේ. තාජුඩීන් ඝාතනයට ලක් වූයේ 2012 මැයි 17 වැනිදා නාරාහේන්පිටදීය.


