2016 ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට බංගලාදේශය ඊයේ (02) සමත් විය. ඒ ලෝක ශූර පාකිස්තානු පිළ කඩුලු 5කින් පරාජයට පත් කරමිනි. බංගලාදේශය මෙම සුදුසුකම් ලැබුවේ දෙවන වරටයි.
ආසියානු කුසලාන තරගාවලියේ 8 වැනි තරගය ලෙස ඊයේ (02) බංගලාදේශයේ මීර්පූර්හි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගනයේදී පාකිස්තානය හා බංගලාදේශය අතර තරගය පැවැත් විණි. පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිළ පන්දු වාර විස්ස තුළ ලකුණු 129ක් ලබා ගත් අතර, ඉලක්කය හඹා ගිය බංගලාදේශ ක්‍රීඩකයෝ පන්දු වාර 19.1කදී කඩුළු 5ක් දැවී ඉලක්කය පසු කළෝය.
පාකිස්තාන කණ්ඩායම – ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 129
(සෆ්රාස් අහමඞ් නොදැවී 58, ශොයිබ් මලික් 41, අල් අමීන් හුසේන් 25/3, අර්ෆට් සනී 35/2)
බංග්ලාදේශ කණ්ඩායම – ඕවර 19.1 කදී කඩුලූ 5 ක් දැවී 131
(සෞම්‍ය සර්කාර් 48, මහමදුල්ලා නොදැවී 22, සබීර් රෙහෙමාන් 14, මෂ්රෆී මොටාසා නොදැවී 12, මොහොමඞ් අමීර් 26/2)