හිරුණිකා ඇප මත නිදහස්

HIRUNIKA

අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය රුපියල් ලක්ෂයක ශරිර ඇප දෙකක් මත නිදහස් කරනු ලැබීය. දෙමටගොඩදී පුද්ගලයකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

පවුල් ආරවුලක් හේතුවෙන් දෙමටගොඩදී තරුණයකු පැහැර ගැනුනේ මීට මාසයකට පමණ පෙරයි. පැහැරගැනීම සිදු කරන ලද පුද්ගලයන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂකයන් වූ අතර පැහැර ගැනීම සඳහා භාවිත කරන ලද්දේද ඇයට අයත් රථයකි. තරුණයා පැහැර ගෙන ගොස් හිරුණිකා වෙත ඉදිරිපත් කරන ලද බවත් ඒ අවස්ථාවේදී ඇය ඔහුට බැන වැදී තිබෙන බවත් වාර්තා විය. මෙම සිද්ධියට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගත යුතු වුවත් ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් ආණ්ඩුවට එල්ල විය.