හිටපු විනිසුරු සරත් ද ආබෘෘට ඇප, චෝදනාවලට නිවැරදිකරු යැයි අධිකරණයේදී පවසයි

sarath abrew

ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු සරත් ද ආබෘෘ තම ගෘහයේ සේවය කළ සේවිකාවට බලහත්කාරයෙන් ලිංගික අතවර කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අද (12) දින කොළඹ මහාධිකරණයේ පෙනී සිටියේය.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයාට අද දින කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් අධි චෝදනා පත්‍ර බාරදීමට කටයුතු කර ඇති අතර එම අවස්ථාවේ විත්තිකරු එම චෝදනවලට නිවැරදිකර ලෙස අධිකරණයේදී ප්‍රකාශ කර සිටියේය. මෙහෙකාරියට අතවර කළැයැයි එල්ලවී තිබෙන බවට නීතිපති විසින් ඔහුට විරැද්ධ මෙම චෝදනා ගොනු කර තිබේ.

අද නඩුව කැදවනු ලැබූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ. නමුත් ඇප අත්සන් නොකර හා ඇගිලි සළකුණු ලබා නොදී අධිකරණයෙන් පිටවීමට හිටපු විනිසුරැ ගත් උත්සාහය අසාර්ථකව ඇත.මෙම තත්වයෙන් පසුව පොලීසිය විසින් මේ බව මහාධි කරණ විනිසුරු වරයාට දැන්වීමෙන් පසුව නැවත කැදවා ඇප අත්සන් කර ඇගිලි සළකුණු ද ලබාගෙන පිටත්කර ඇති බව අධිකරණ ආරංචි මාර්ග හෙලිකර ගෙන තිබේ.