කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ලිංගික හිංසනයට ලක්කර ඝාතනය කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් “කොණ්ඩයා“ නමැත්තා විසින් කරන ලද ප‍්‍රකාශ්‍යකට අනුව ඔහුගේ අයියාද අත්අඩංගුවට ගෙන තිබුනි.
ඔවුන් දෙදෙනාම අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කර ඇත.
රහස් පොලීසියට “කොණ්ඩයා“ විසින් කරන ලද ප‍්‍රකාශයකින් ඔහුගේ අයියාද මෙම ඝාතනයට සම්බන්ධ බවට පසුව හෙළිවීම හේතුවෙන් රහස් පොලීසිය විසින් පසුගියදා සේයා ඝාතනයේ හතරවන සැකකරු ලෙස ඔහුව අත් අඩංගුවට ගෙන තිබුනි.