කොට්ඨාශ සීමා නිර්නය පිළිබඳ අභියාචනා විමර්ශන කටයුතු ලබන ඔක්තෝබර් මස 31 වන දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා සඳහන් කරයි. මෙම අභියාචනය සඳහා පත් කළ විමර්ශන කමිටුවේ නිලදාරීන්ට මුස්තාපා අමාත්‍යවරයා විසින් දන්වා ඇත්තේ ඔවුන් විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවය.
මෙම කමිටු වාර්තාව ද අද දින (30) නිකුත් කිරීමට නියමිතව තිබුණ ද, අභායාචනා විභාග කිරීමේ කටයුතු අවසන්ව නොමැති බැවින් තවත් කාලයක් ලබා දෙන ලෙස කමිටු සභාපති අශෝක පීරිස් අමාත්යවරයාගෙන ඉල්ලීමක් කර ඇති. අමාත්‍යවරයා විසින් මෙසේ කල් දිගු කර ඇත්තේ අදාල ඉල්ලීමට අනුවය.
කෙසේ වෙතත් මෙම සීමා නිර්න අභියාචනා කමිටු වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද වීමෙන් පළාත් පාලන මැතිවරණය තවත් කල් යා හැකි බවත් ආසන්න වශයෙන් මැතිවරණය පැවැත්වෙන දිනය අනුමාන කිරීමට හෝ නොහැකි බව රජයේ ආරංචි මාර්ග පවසයි.
පළාත් පාලන කොට්ඨාශ මායිම් වෙනස් කිරීම සම්බන්ධ යෝජනා ලබාගැනීමට හා ගැටළු විසඳීමට පළාත් පාලන අමාතයංශය විසින් මෙම පංච පුද්ගල කිමිටුව පිහිටවනු ලැබුවේ 2015 ඔක්තෝබර් 21 වන දිනය.