වෙනිසියුලාවේ දේශපාලන අර්බූදය උග්රවේ
Posted on 09.02.2016 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
මේ වන විට වසර 17ක් තිස්සේ බලයේ සිටින වෙනිසියුලාවේ එක්සත් සමාජවාදී පක්ෂයේ පාලනයට හා වත්මන් ජනාධිපතිවරයා වන නිකොලෝස් මාදුරෝට එරෙහිව එරට විපක්ෂ සංධානය විසින් කරනු ලබන උද්ඝෝෂණ වඩාත් දැඩිකොට ඇතැයි වාර්තාවේ.
ඊට සමගාමීව නිකොලොස් මාදුරෝගේ වෙනිසියුලානු සමාජවාදී පක්ෂයද එරට අගනුවර හා ප්රධාන නගර මුල් කර ගනිමින් විශාල ජන රැලි පවත්වන අතර දෙපාර්ශවයේ ජනතා බලය හුවා දැක්වීමේ ක්රියාවලියක් ලෙස මේ තත්වය හදුනාගන්න පුළුවන්.
එරට විපක්ෂය විසින් නිකොලොස් මාදුරෝට එරෙහිව මේ වනවිට ජනාධිපතිධූරයෙන් ඉවත් කිරීමට අදාල ජනමත විචාරණයක්ද කැදීවීමට අවශ්ය කරන පෙත්සමක් සදහා ජනතාවගේ අත්සන් රැස්කොට තිබේ. එය එරට මැතිවරණ කොමිසම හමුවට ගෙන ගොස් බාරදී තිබෙන නමුත් මේ දක්වා මැතිවරණ කමෙිසම එම ජනමත විචාරණය පවත්වනවාද නැද්ද යන්න ගැන අවසන් තීරණයක් ගෙන නොමැත. මේ තත්වය හේතුවෙන් විපක්ෂ කණ්ඩායම් ඒ පිළිබදව ප්රශ්න කරමින් වහාම ජනමත විචාරණය පැවැතිවීමට අවශ්ය කටයුතු යොදන ලෙස බල කරමින් මෙම උද්ඝෝෂණයේ උත්සන්න කර ඇතැයි වාර්තාවේ.
මේ පිලීබදව මැතිවරණ කොමිසමද යම් අර්බූදකාරී තත්වයකට මුහුණපා තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරයිෙ. එරට පාලක පක්ෂය පවසන්නේ විපක්ෂය විසින් එක්රැස් කරන ලද අත්සන් ව්යාජ ඒවා බවයි. එම නිසා යෝජිත ජනමත විචාරණයට ඉඩ නොදෙන ලෙස බලපෑම්කරනු ලබනවා.
මේ අතර වෙනිසියුලාවේ දේශපාලන අර්බූදය උත්සන්න කිරීමට එරට විපක්ෂය කටයුතු කරන බවට වෙනිසියාලු පාලක සමාජවාදී පක්ෂය වසර කිහිපයක සිට චෝදනා කරනවා. ඒ චෝදනා අතර වත්මන් මොහොතවන විට එරට මුහුණපා සිටින දැඩී ආහාර හිගය හා ජනතාවට අත්යාවශ්ය සනීපාරක්ෂක ද්රව්ය හා සේවා අඩාල කිරීමට විපක්ෂය සම්බන්ධ බවට චෝදනා එල්ල කරනවා.
මේ වනවිට දැඩි ආර්ථික අර්බූදයකට මුහුණපා සිටින එරට ජනතාව විපක්ෂයේ මෙම ආණ්ඩු විරෝධී ක්රියා මාර්ග සමග යම් පෙළගැස්මක්ද දක්නට තිබෙන බව මේ පිළිබදව අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසනවා.
වෙනිසියුලාවේ ජනප්රිය දේශපාලන චරිතයක් ලෙස සැලකෙන හියුගෝ චාවේස් විසින් එරට සමාජවාදී ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම සදහා වෙනිසියුලානු එක්සත් සමාජවාදී පක්ෂය පිහිටුවීය. එමගින් එහු වසර ගණනාවක් එරට පාලන බලය හොඹවනු ලැබුවා. නමුත් ඔහුට වැළදුනු පිළිකා රෝගය හේතුවෙන් මියයෑමත් සමග තම පක්ෂයේ නායකත්වය නිකොලෝස මාදුරෝ වෙත ලබා දෙනු ලැබුවා.
ඉන් පසුව පැවැති ජනාධිපතිවරණයෙන් නිකොලෝස් මාදුරෝ ජයගත් නමුත් විපක්ෂ අපේක්ෂකයා සමග පැවැති තරගය ඉතා තියුණ මුහුණුවරක් ගෙන තිබුනා. අද වන විට ජනාධිපතිවරණය පවත්වා වසර කිහිපයක් ගෙවී ගොස් ඇති අතර විපක්ෂය විසින් මාදුරෝ බලයෙන් ඉවත් කිරීමේ ක්රියාවලිය වඩාත් උත්සන් කර ඇතැයි එරට දේශපාලන ව්යාකූලත්වය දෙස නීරීක්ෂණය කළවිට පෙනී යනවා.
වෙනිසියුලානු සමාජවාදී පක්ෂය විසින් එරටට හදුන්වා දෙනු ලැබූ ආර්ථික ප්රථිසංස්කරණ වලින් එරට සාතිශය පීඩිත ජනතාවට යම් අස්වැසිල්ලක් ලැබුනත් රට තුල දේශපාලනය ස්ථාවරව පවත්වාගෙන යන්නට එයම ප්රමාණවත් නොවන බව මේ තත්වය අනුව වෙනිසියුලානු දේශපාලන අර්බූදයෙන් හදුනාගන්න ප්රළුවන්.
Related News