අයි. එස්.සංවිධානයේ ප‍්‍රකාශක අබු මොහොමඩ් අල් අඩ්නානි ඝාතනය කළේ තමන්යැයි රුසියාව හා ඇමෙරිකාව යන රටවල් දෙකම කියා සිටී.
අබු මොහොමඩ් සිරියාවේ ඇලෙප්පෝ නගරයේ සිය සාමාජිකයින් විසින් සිදු කරනු ලබන ප‍්‍රහාරයන් පිළිබදව නිරීක්ෂනය කරමින් සිටින අතරතුර ඝාතනයට ලක්වූ බව අයි. සංවිධානය ජාත්‍යන්තර මාධ්‍ය වෙත පසුගිය අගහරුවාදා ප‍්‍රකාශ කළේය.
අයි. සංවිධානයේ ආරම්භ සාමාජිකයකු වන අබු මොහොමඩ් ඉලක්කකොට එල්ලකළ ගුවන් ප‍්‍රහාර තමන් විසින් සිදු කළ බව මේවන විට රුසියාව හා ඇමෙරිකාව යන රටවල් දෙකම පවසයි.
මෙයින් පෙනී යන්නේ අබු මොහොමඩ්ගේ ඝාතනයේ වගකීම තම රට විසින් සිදු කලායැයි රුසියාව හා ඇමෙරිකාව පවසන්නනේ ඔහුගේ මරණය මෙම රටවල් දෙකම මහත් අපේක්ෂාවෙන් සිට ඇති බවයි. අබු මොහොමඩ්ගේ මරණය මේ අනුව අයි සංවිධානයට ිශාල පහරක වනු ඇති බව අවිවාදිතය.
ඇමෙරිකාව විසින් අබු මොහොමඩ් පිලිබදව නිවැරදි තොරතුරු සපයන අයෙකුට ඩොලර් මිලියන පහක් පිරිමනා තිබුනි. මේ අනුව අබු මොහොමඩ්ගේ අයි.එස් සංවිධානයේ කි‍්‍රයාකාරීත්වය පිලිබදව අදහසක් ලබා ගැනීමට හැකිවේ.
අයි. එස් සංවිධානයේ ප‍්‍රකාශක ලෙස අබු මොහොමඩ් 2010 වසරේ සිට කටයුතු කර ඇතැයි වාර්තාවේ.