අවසන් එක් දින තරගය අද පල්ලේකැලේදී

cricket

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය අද මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

අබාධයට ලකව සිටින ඇන්ජලෝ මැතිව්ස්ට සිය තරගාවලිය අහිමිවේ. මේ වන විට එක්දින තරගාවලිය ඕස්ට්‍රේලියාව විසින් තරග 3-1ක් ලෙස ජයගෙන සිය කණ්ඩායම වෙත එක් දින තරගාවලියේ ජයග‍්‍රහණය හිමිකරගෙන තිබේ.

අද පැවැත්වෙන තරගය සදහා ශී‍්‍රලංකා කණ්ඩායමට කී‍්‍රඩකයින් තිදෙනෙකෙු අලුතින් ඇතුලක් කර තිබේ. ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ උපුල් තරංග, තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක හා යොවුන් කී‍්‍රඩක නිරෝෂන් දික්වැල්ල ඇතුලත්ව ඇත.

තිසර පෙරේරාට හා ලක්ෂාන් සඳකැන්ට අවසන් එක්දින තරගය සඳහා නම් කර නැත.

සිවුවැනි එක්දින තරගය අතරතුරදී අබාධයකට ලක්වූ නායක ඇන්ජලෝ මැතිව්ස් අද සහභාගි නොවේග කණ්ඩායමේ නායකත්වයේ වගකීම උප නායක දිනේෂ් චන්දිමාල්ට පැවරී ඇත.

ශ්‍රී ලංකා සංචිතය –

දිනේෂ් චන්දිමාල් (නායක) කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, අමිල අපොන්සු, ළහිරු කුමාර, සචිත් පතිරණ, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල සහ දසුන් ශානක