පැරණි සෝවියට් දේශයට අයත් සමූහාණ්ඩුවක් වූ උස්බෙකිස්තානය 1989 සිට වසර 27ක් පාලනය කළ ඉස්ලාම් කරිමෝව් ජනාධිපතිවරයා මියගිය බව අද නිවේදනය කළේය.
මියයන විට හෙතෙම 78 වන වියේ පසු විය. මීට දින කිහිපයකට පෙර හදිසියේ ඇතිවූ මොළයේ ලේ ගැලීමක් හේතුකොට ගෙන ජනාධිපතිවරයා දින හයක් තිස්සේ රෝහල් ගත කරසිටියදී මියගොස් ඇතැයි වාර්තාවේ.
අද දින තම ජනාධිපතිවරයා මියගිය බව උස්බෙකිසථාන රජය නිල වශයෙන් ප්‍රකශයට පත් කළේය. මධ්‍යම ආසියානු රටක් වන උස්බෙකිස්ථානය සොවියට් සමූහාණ්ඩු සංගමය බිද වැටීමට පෙර සිට එරට පාලන බලය හිමිකරගත් ඉස්ලාම් කරීමෝව් මේ දක්වා උස්බෙකිස්ථානය ඉස්ලාමීය ජාතික රාජ්‍යයක් ලෙස තම රට පාලනය අඛණ්ඩව පවත්වාගෙනයාමට ක්‍රියාකළේය.
ජනාධිපතිවරයා මියයෑමෙන් පසු කවුරු බලයට පැමිණේදැයි යන්න ගැන එරට තුල මෙන්ම ජාත්‍යන්තරවද නිෂ්චිත අදහසක් මේ දක්වා ප්‍රකාශයට පත්ව නොමැත.
විදෙස් මාධ්‍යවල පසුගිය කාලසීමාව තුල හෙලිදරව් කිරීම්වලට අනුව ඉස්ලාම් කරිමෝව්ගේ ආරක්ෂක ප්‍රධානී ලෙස කටයුතු කළ රුස්ටම් ඉනෝයටෝව් උස්බෙකිස්ථාන පාලන තන්ත්‍රයේ කැපීපෙනෙන පුද්ගලයා ලෙස සැකිය හැකි බව වාර්තාවේ