‘සන්තාපයෙන් ඔබ්බට – ලාංකේය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අත්දැකීම් ත‍්‍රිත්වයක්’ වාර්තා චිත‍්‍රපටය පළමු තිරගත කිරීම 2016 සැප්තැම්බර් පළමුවැනිදා කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී සිදු කෙරිණි. එම අවස්ථාවට ජර්මන්, චීන, කියුබානු තානාපති කාර්යාලවල නියෝජිතයෝ, දේශපාලන පක්ෂ, සංවිධාන, වෘත්තීය සමිතිවල නියෝජිතයෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමත් කුමාර් ගුණරත්නම්ට හිමි පුරවැසිභාවය නොදී ඔහු සිරගත කරගෙන සිටීමත් යන අත්දැකීම් තුන ඇසුරුකර ගෙන ලංකාවේ ප‍්‍රජාත්නත‍්‍රවාදය පිළිබඳ අර්බුදයේ පැතිකඩක් මෙම වාර්තා චිත‍්‍රපටය මගින් සාකච්ඡා කෙරේ.
වාර්තා චිත‍්‍රපටය පළමු තිරගත කිරීමේ අවස්ථාව ආමන්ත‍්‍රණය කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, ආචර්ය සුමනසිරි ලියනගේ, ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ ප‍්‍රසන්න විතානගේ, සත්‍යවේල් පියතුමා අදහස් දැක්වූහ.
සේනාධීර ගුණතිලක, ප‍්‍රධාන ලේකම්-පෙරටුගාමී සමාජවාදී පක්ෂය
ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව අපේ සමාජයට තිබිය යුතු තරමේ අවබෝධයක් ඇති බවක් පෙනෙන්නට නැහැ. කන, බෙන දේට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සංවාදය දුරස්ථයි. සමීප නැහැ. රටේ ප‍්‍රශ්න කතා කරන වේදිකාවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය සාකච්ඡුා වෙන වෙන වෙන විධිවලට.
අපේ දේශපාලන ව්‍යාපාරය ගොඩනැෙඟන වෙලාවේදී අපි මුහුණ දුන්නු දුෂ්කර අත්දැකීම් එක්ක ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය මින් එහාට සමාජ ගත කළ යුතුයි කියා අපි හිතනවා. දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබිලා කියලා කාටවත් කියන්න බෑ.
දැන් අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට කාර්යාලයක් පිහිටුවන්න යනවා. ලංකාවේ අතුරුදන් කිරීම් සිදු වන්නේ 70 දශකයේ ඉඳලා.
අපි ලලිත් ගැන කතා කළොත්, ඔහුට උතුරේ ජනතාවගේ ප‍්‍රශ්නය පිළිබඳ දිදුලන අපේක්ෂාවන් තිබුණා. ඔහුට යාපනයට යන්න ඒ 9 මාර්ගය විවෘත වෙලා තිබුණේ නෑ. නමුත් ඔහු ත‍්‍රිකුණාමලයෙන් යාපනයට ගියා. ඔහු දැක්කා උතුරේ සී සී කඩ වූ ජනතාවගේ ජීවිතවල වේදනාව. ඔවුන් පිළිබඳ පණිවිඩය ඔහු දකුණේ සමාජයට අරගෙන ආවා. අද වගේ අතුරුදන් වූවන් ගැන කාර්යාල එදා තිබුණේ නෑ. අතුරුදන් වූවන් ගැන, ඔවුන්ගේ ඥාතීන් ගැන විස්තර තිබුණේ ඔහුගේ මල්ල ඇතුළේ කොළ කෑලිවල. ඔහු ඒ ප‍්‍රශ්න යාපනයේදී වගේම කොළඹදී කතා කළා. ඒ යන ගමනේදී ඔහුට විවිධාකාරයේ පුද්ගලයන් මුණ ගැසුණා. ඒ අතර කෙනෙක් තමයි කුගන් මුරුගානන්දන්. කුගන්ට වාමාංශික දේශපාලනය පිළිබඳ අපේක්ෂාවක් තිබුණා.
ඔවුන් දෙදෙනා යාපනයේදී පැහැර ගෙන ගියා. තවමත් ඔවුන් ගැන කිසිම තොරතුරක් නෑ.
ඊළඟට කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීමට ලක් වුණා. ඔවුන්ගේ නම් අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවට එක් වෙන්න කලින් නිදහස් කර ගන්න පුළුවන්කම ලැබුණා. කුමාර් සහෝදරයා 70 දශකයේ ඉඳලා දේශපාලනයේ නිරත වුණා. ඔහු පැහැර ගෙන ගියේ ඇයි? සිරගත කළේ ඇයි? ඔහුට හිමි පුරවැසිභාවය නොදෙන්නේ ඇයි? හේතුව තමයි ඔහු කරන දේශපාලනය. කුමාර් ගුණරත්නම් ආණ්ඩුවේ හිතෛෂිවන්තයෙක් වුණා නම් ඔහුට අදාළව අද තත්වය මීට වඩා වෙනස්. ඔහු 80 දශකයේදී අත්අඩංගුවට පත් වෙන්නේ, රාජපක්ෂ පාලනය විසින් පැහැර ගෙන යනු ලබන්නේ, වත්මන් ආණ්ඩුව ඔහු සිරගත කරලා පිටුවහල් කරන්න උත්සාහ කරන්නේ ආණ්ඩුවේ හිතෛෂිවන්තයෙක් නොවී පවතින ක‍්‍රමයට එරෙහිව අරගල කරන නිසා.
අපට තවමත් පැහැර ගැනීම්, අතුරුදන් කිරීම් පිළිබඳ ප‍්‍රශ්නය ලංකාවේ සමාජයේ ප‍්‍රශ්නයක් ලෙස සමාජගත කරන්න බැරි වෙලා තිබෙනවා. වෙලාවකට ඒක උතුරේ ප‍්‍රශ්නයක්. තවත් වෙලාවකට ඒක දකුණේ ප‍්‍රශ්නයක්. නමුත් ඒක ලාංකේය සමාජයේ ප‍්‍රශ්නයක් බවට පත් කරන්න බැරි වෙලා තිබෙනවා. කෑම, බීම වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. ඒ වෙනුවෙන් හඬක් නඟන්න අවශ්‍යයි.
ආචාර්ය සුමනසිරි ලියනගේ
ප‍්‍රධාන දේශපාලන ධාරාවන් දෙක ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව දරන අදහස කොතරම් පටුද, හිස්ද කියලා පසුගිය කාලේ අහන්න, දකින්න ලැබුණා. ඊයේ අන්තර් විශ්වවිi ාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ පෙළපාලිය ආණ්ඩුවට කොයි විදියටද සංවේදී වුණේ කියන එකෙනුත් ඒක පැහැදිලි වුණා.
මීට අවුරුදු දෙකකට විතර කලින් ජවහල්ලාල් නේරු විශ්වවිi ාලයේ පැවැති දේශනයකදී ජයරුක් පනාජි කළ ප‍්‍රකාශයක් මට මේ වෙලාවේ සිහිපත් වෙනවා. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කිව්වා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබෙන එක් ආකාරයක් තමයි ව්‍යවස්ථාවල ලියලා තිබෙනව නමුත් කවදාවත් ක‍්‍රියාත්මක නොවන ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ඊළඟට ඊට වඩා පළල් ලෙස ජාත්‍යන්තර ප‍්‍රකාශනවල තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය. නමුත් අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන බලන්න ඕන ඒක අවිච්ඡුින්න, නොකඩවා ගලා යන ක‍්‍රියාවලියක් ලෙසයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අදහස ජය ගත යුතු, ජයගැනීම සඳහා සටන් කළ යුතු දෙයක්.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් පටන් ගෙන තිබෙනවා. එදා ලලිත් සහ කුගන් සහෝදරවරු ගෙන් ගෙට ගිහිල්ලා, ගමින් ගමට ගිහිල්ලා, පලාතෙන් පලාතට ගිහිල්ලා මේ ප‍්‍රශ්නය ජනතාව අතරට ගෙන යන්න උත්සාහ කළා. අතුරුදන්වූවන් ගැන සොයන්න ගිය ඔවුන් දෙදෙනාවත් අතුරුදන් කර තිබෙනවා. ඒ නිසා අතුරුදන් වූවන් ගැන කර්යාලය වැඩ පටන් ගන්නවා නම්, ලලිත් සහ කුගන් දෙදෙනාගේ අතුරුදන්වීම පිළිබඳ ප‍්‍රශ්නයෙන් වැඩ පටන් ගන්න කියලා මම යෝජනා කරනවා.
මේ වාර්තා වැඩසටහනේ කතා වෙන තුන්වැනි චරිතය කුමාර් ගුණරත්නම්. ඔහු මට විශ්වවිද්‍යාලයේදී හමු වෙලා නැහැ. නමුත් ඔහුගේ අයියා රංජිදම් ගුණරත්නම් හමු වෙලා තිබෙනවා. කුමාර්ගේ ප‍්‍රශ්නය මොකක්ද? බැලූ බැල්මට පේන්නේ කඩදාසි පිළිබඳ ප‍්‍රශ්නයක්. නමුත් කඩදාසි ලැයිස්තුවකින් ඔහුගේ පුරවැසිභාවය සනාථ කරන්න පුළුවන්. ඒ ප‍්‍රශ්නය තවම විසඳිලා නැහැ. තව මාස කිහිපයකින් ඔහු අනුරාධපුර හිර ගෙදරින් එන විට මොකක්ද වෙන්නේ? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන හිතන අය දැන් සිටම මේ ප‍්‍රශ්නයට අවතීර්ණ විය යුතුව තිබෙනවා.
ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ ප‍්‍රසන්න විතානගේ
මේ ආණ්ඩුව බලයට පත් වෙලා පළමු වසර පිරුණේ පසුගිය ජනවාරි 8 වැනිදා. ජනවාරි 11 වැනිදා සන්ධ්‍යා එක්නැලිගොඩ තවත් අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක් සමග අතුරුදන්වූවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්වයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්න ජනාධිපති කාර්යාලය දක්වා පා ගමනින් ගියා. ඒ වෙලාවේ පොලිසිය බොහොම කාරුණිකව කිව්වා පාගමනින් යන්න අවශ්‍ය නැහැ, අපි වාහන දෙන්නම් කියලා ජීප් එකේ දාගෙන ජනාධිපති කාර්යාලයටත් අගමැති කාර්යාලයටත් ඔවුන් අරගෙන ගියා. ලියුම් බාර දෙන්න අවස්ථාව හදලා දුන්නා. අතුරුදන්වූවන් පිලිබඳව හඬක් නඟන්න ඔවුන් උත්සාහ කළාම පොලිසිය සූක්ෂ්ම ලෙස එය ව්‍යර්ථ කළේ එහෙමයි. ඊට පසුව ස්වාමිනාදන් ඇමැතිවරයා පිළිතුරක් එවලා තිබුණා, එම පිළිතුරු ලිපියේ සිරස්තලය තිබුණේ ‘අතුරුදන්වූවන් ගැන වන්දි ඉල්ලීම පිළිබඳවයි’ කියලා. අඩුම තරමේ ඔවුන්ගේ ඉල්ලීමවත් හරියට තේරුම් අරගෙන නැහැ. දැන් ඒ සිදුවීම වෙලා මාස අටක් ගත වෙලා. නමුත් තවමත් කිසිවක් සිදු වෙලා නැහැ.
අතුරුදන්වූවන් සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ ඉහළ නිලධාරිනියක් මට කරුණු කිහිපයක් කිව්වා. ඇය කිව්වා අතුරුදන්වූවන්ගේ ඥාතීන් විඳින වේදනාව පිළිබඳව. වරක් අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවන් බලන්න අවස්ථාවක් සලසලා තිබුණා. ඒ අවස්ථාවේ එක් අම්මා කෙනෙක් සිරකරුවෙක් සිප වැළඳගෙන කිව්වා මේ මගේ පුතා කියලා. නමුත් ඔහු අත ගසලා දමලා කිව්වා, තමන් ඇගේ දරුවා නොවෙයි කියලා. ඔහු එහෙම කිව්වත් ඒ අම්මාට ඒක පිළිගන්න බෑ. ඔවුන් කොතරම් පීඩාවක, වේදනාවක ඉන්නවාද?
අතුරුදන් වූවන් සොයා දෙන මුවාවෙන් රජයේ හමුදාව සහ රජයේ කාර්යාලවල දෙමළ ලිපිකරුවන් අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගන්නා බව ඇය කිව්වා. මේ අයගේ සැබෑ තත්වය ඒකයි. ඒ අය වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න ඔබ මාක්ස්වාදියෙක්, සමාජවාදියෙක් විය යුතු නැහැ. මනුෂ්‍යත්වයට ගරු කරන්නෙක් වීම ප‍්‍රමාණවත්. කුමාර් ගුණරත්නම්ගේ පුරවැසි අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අයෙක් වෙන්න අවශ්‍ය නැහැ. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක්.
සත්‍යවේල් පියතුමා
අතුරුදන්වූවන්ගේ ඥාතීන් වේදනාවට පත් වෙලා ඉන්නවා. මේ වාර්තා වැඩසටහනේදී අපි දැක්කා ලලිත්ගේ, කුගන්ගේ, කුමාර්ගේ ඥාතීන් වේදනාවෙන් ඉන්න අයුරු. නමුත් හඬා වැටිය යුත්තේ ඔවුන් නොවෙයි, මේ රටේ ජනතාව. යුක්තිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජාතීන්ට ජීවත්වීමට තිබෙන අයිතිය ගැන කතා කරන සියල්ලන් කඳුළු සැලිය යුතුයි. ලලිත් සහ කුගන් ඇතුළු විශාල පිරිසක් අතුරුදන් කර තිබෙන රටක මේ ප‍්‍රශ්න ඔවුන්ගේ ප‍්‍රශ්න නොවෙයි. මේ රටේ නිදහස අතුරුදන් වෙලා තිබෙනවා. ජීවත්වීමේ අයිතිය අතුරුදන් වෙලා තිබෙනවා. අධිකරණ පද්ධතිය තුළ තිබිය යුතු සාධාරණත්වය අතුරුදන් කර තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙසයි පුද්ගලයන් අතුරුදන් වෙන්නේ. අතුරුදන් කිරීම ජනසංහාරයේ කොටසක්.

