தமிழ்
English
Contact
Tuesday 14th November 2017    
“වෑකඩවර“ මංගල්‍යය 06 දා ජාතික පුස්තකාලයේදී « Lanka Views | Views of the truth

“වෑකඩවර“ මංගල්‍යය 06 දා ජාතික පුස්තකාලයේදී



පර්යේෂණශීලී ලේඛකයෙකු ලෙසින් කටයුතු කරන සුජීව කුමාර කෝවිලතැන්නගේ නවතම කෘතිය “වෑ කඩවර“ ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 06 වන දා සවස 3.00ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. ඩබ්.යූ.ඒ අබේසිංහ මෙහි මූලාසනය දරන අතර, මෙහිදී ප්‍රවීන ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත හා සාහිත්‍යවේදී අනුරසිරි හෙට්ටිගේ විසින් මූලික සංවාදයන් පැවැත්වේ.

සුජීවගේ තෙවන නිර්මානය වන ‘‘වෑ කඩවර’’ නම් මෙම නවකතාව 1818 දි ඌවේ මිනිසුන් අධිරාජ්‍යවාදින්ට එරෙහිව කළ විමුක්ති සටන පසුබිම් කරගෙන රචනා වූවක්. ඔහුගේ දෙවන කෘතිය වන ‘‘ඌවේ වංහුං’’ කෘතිය සදහා  පර්යේෂණ කිරීමේදී ඉංගිරිසින්ට එරෙහිව ඌවේ මිනිසුන් කළ විමුක්ති සටන පිළිබදව බොහෝ තොරතුරු රැස් කළ සුජීව, එහිදී ඇතිවූ කම්පනය මෙම නවකතාව ලියන්නට උත්තේජය දුන් බවයි මේ පිළිබද අප කළ විමසීමකදී පැවසුවේ.

Sujeewa




Related News