සයිටම් පිහිටුවන විට කිසිවක් නොකියා කිසිදු විරෝධයක් නොදක්වා බියෙන් සිටි ශිෂ්‍යයන් හා තවත් පිරිස් තම ආණ්ඩුව පත් වූ පසුව විරෝධතා පවත්වන්නට පටන් ගෙන ඇති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂමන් කිරිඇල්ල පවසයි.
අද සයිටම් ආයතනයට විරුද්ධ වන අය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රට පාලනය කරන විට බියෙන් මුලුගැන්වී සිට සයිටම් ආයතනය ආරම්භ කරන විට කිසිවක් නොකියා සිටි බවද ඔහු පැවසීය. සයිටම් පවත්වාගෙන යායුතුද වසා දැමිය යුතුද යන්න ශිෂ්‍යයන්ට තීරණය කළ නොහැකි බවත් අධිකරණය මාස දෙකකින් එය පවත්වාගෙන යා යුතු බව කියනවා නම් එසේ කරන බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැතිවරයා කීය. එසේම එම ආයතනය වසා දමන ලෙස අධිකරණය කියනවා නම් එසේ කරන්න සූදානම් බව ද ඔහු කීය.
තවද විශ්වවිද්‍යාල පාලනය කිරීම ශිෂ්‍යයන්ට අවශ්‍ය ආකාරයට නොව, පාලකයන්ට අවශ්‍ය ලෙස විය යුතු බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැතිවරයා පවසයි.