ධර්මලිංගම් සිවරාම් ඝාතනය පිළිබද විධිමත් පරික්ෂණයක් ඉල්ලා අද දින මාධ්‍ය සංවිධාන නායකයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් හා සිවිල් ක්‍රියාකාරිකයන් විසින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් පවත්වන ලදී.
එකොළොස් වසරකට පෙර ඝාතනය කෙරුණු සිවරාම් කලක් ප්ලොට් සංවිධානයේ ක්‍රියාකාරිකයකුව සිට පසුව ඉන් ඉවත් විය. තම හිතවතකුව සිටි රිචඩ් ද සොයිසාගේ අනුදැනුම මත ඔහු ‘ඉන්ටර්ප්‍රෙස්‘ ආයතනයේ වාර්තාකරුවකු ලෙස කටයුතු කරමින් ජනමාධ්‍ය හා ලේඛක වෘත්තිය තොරාගත්තේය. පසුව සිය නමින් මෙන්ම ‘තාරකි‘ යන අන්වර්ථනාමයෙන් ලියූ ඔහු ‘ටැමිල්නෙට්‘ වෙබ් අඩවියේ සංස්කාරකවරයා ලෙසද සේවය කළේය. ඔහු දේශපාලන ලියුම්කරුවකු මෙන්ම දේශීය හා විදේශීය සිවිල් ක්‍රියාකාරිකයන් අතර කැපී පෙනෙන චරිතයක් බවට පත් විය. 2005 අප්‍රේල් 28වැනිදා කොළඹදී ඝාතනය කෙරැණි. එහි වගකීම භාරගෙන ඇත්තේ ‘ථෙරපුත්තාභය බලකාය‘ නමැති සංවිධානයක් විසිනි. පසුකාලයකදී ඔහුගේ ඝාතනය පිළිබද ප්ලොට් සංවිදානයේ සිටි අයකු අත්අඩංගුවට ගත්තද පරික්ෂන ඉදිරියට ගෙනයන්නට සාක්ෂි ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ විය. ඉන්පසුව විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරැනා වෙත සිවරාම් ඝාතනයේ චෝදනා එල්ල විය. කෙසේ වෙතත් එවකට ආරක්ෂක ප්‍රධානින් මෙම ඝාතනය පිලිබද තොරතුරු වසන් කළ බව සිවරාම් ඇතුළු මාධ්‍යවේදීන්ගේ ඝාතන වෙනුවෙන් පැවැති පරික්ෂණ සම්බන්ධ උනන්දුවක් දැක් වූ බොහෝ දෙනාගේ අදහස විය.
රාජපක්ෂ පාලනය යටතේ ඝාතනය කෙරුනු මාධ්‍යවේදීන් හා මාධ්‍ය ක්ෂෙත්‍රෙය් වෙනත් වෘත්තිකයන් 44ක් සම්බන්ධව කිසිදු පිළිගත හැකි පරික්ෂණයක් මෙතෙක් පවත්වා නැත. වත්මන් ආණ්ඩුව බලයට පත්වන්නට පෙර රාජපක්ෂ පාලනයේ මර්දනය හා මාධ්‍යෙව්දීන්ට සිදුවූ අපරාධ සම්බන්ධව විධිමත් පරික්ෂණ පවත්වන බවට දුන් පොරොන්දු සම්බන්ධ ඇත්ත ස්වභාවය දැන් හෙළිවෙමින් පවතී. පසුගිය කාලයේ ජනමාධය මගින් ප්‍රචාරයක් දී ආරම්භ කළ ලසන්ත වික්‍රමතුංග හා ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ පරික්ෂන පවා දේශපාලන ප්‍රචාරයකට යොදාගන්නවා මිස නිසි ලෙස සිදු නොවන බවට චෝදනා නැගී ඇත.


