මහින්දගේ ආරක්ෂක නෙවිල් හෙට්ටිආරච්චි රහස් පොලීසිය හමුවට

CID1

මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක  නෙවිල් වන්නිආරච්චි අද (07) රහස් පොලිසිය හමුව කැදවා ඇත.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති බවට වූ චෝදනා ගණනාවක් නෙවිල් වන්නි ආරච්චිට එල්ලවී තිබේ. ඒ සම්බන්ධව මේ වනවිට කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ පවත්වයි.

ඔහුගේ නමට ඇති බැංකු ගිණුම් හා තවත් මූල්‍ය ආයතන ගණනාවක තොරතුරු පරීක්ෂාකර බැලීමට පසුගිය මාර්තු මස 10 වනදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයටද නියෝග ලබා දී තිබිණ.

පසුගියදා රහස් පොලීසියේ මැදිහත්වීමෙන් ඔහුට අයත් වීරකැටිය මැදමුලන ප්‍රදේශයේ විශාල ඉඩමක්ද බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කැණීම් කර පරීක්ෂා කර තිබුනි.