ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව නොවැක් ජොකෝවික්ට

novek.1

ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටින සර්බියාවේ නොවැක් ජොකෝවික් පළමුවතාවට ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව ඊයේ දිනාගත්තේය.

මේ වනවිට 29 හැවිරිදි සර්බියානු ජාතික ජොකෝවික් ඊයේ පැරිස් නුවර රෝලන්ඞ් ගැරොස් ටෙනිස් පිටියේදී බි‍්‍රතාන්‍යයේ ඇන්ඩි මරේ ලකුණු 3-6, 6-1, 6-2 සහ 6-4ක් ලෙස පරදවමින් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්විය.

ජාත්‍යන්තර ටෙනිස් පිටියේ අංක එක ස්ථානයේ පසුවන්නේ ජැකොවික් වන අතර ඔහුට පමණක් දෙවැනිව සිටි ඇන්ඩි මරේ සමග මෙම තරගය ඉතා උණුසුම් එකක් ලෙස පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනි.

රෝලන්ඞ් ගැරොස් පිටියට එක්වූ ක්‍රීඩාලෝලීන්ට පුරා පැය තුණක් තිස්සේ අමතක නොවන කදිම ටෙනිස් තරගයක් බැලීමට අවස්ථාවක් උදා කරදීමට මෙම ක්‍රීඩකයන් දෙපොළ වගබලා ගත් බව ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුනි.

මෙම ජයග්‍රහණයක් සමග 2016 වසර තුල ග‍්‍රෑන්ඞ් ස්ලෑම් හතරම ජයගැනීමට මේ වනවිට ජොකොවික් සමත්ව ඇත.

Leave a Reply