මුගුරුසා ප්‍රංශ කාන්තා විවෘත ටෙනිස් කිරුළ හිමිකරගනී.

muguresa-01

ප්‍රංශයේ රෝලන්ඞ් ගැරෝස් හී ඊයේ පැවැති ප්‍රංශ විවෘත කාන්තා අවසන් ටෙනිස් තරගයෙන් ස්පාඤ්ඤයේ ගාර්බීන් මුගුරුසා විසින් සෙරීනා විලියම්ස්ව පරාජයට පත් කළාය. මෙහි ලකුණු සටහන 7-5ක් සහ 6-4ක් ලෙස සටහන්වෙයි.

මුගුරුසා අවසන් මහා තරගයට එක්වූයේ වසර 2011 අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ ජයගත්  ඕස්ටේ‍්‍රලියාවේ සමන්තා ස්ටෝසර් ලකුණු 6-2 ක් සහ 6-4 කින් පරාජයට පත් කරමිනි.

මෙවර සෙරීනා විලියම්ස් පිටපිට දෙවන වතාවටත් ප්‍රංශ විවෘත කාන්තා ටෙනිස් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත්වූවාය. ඇය විසින් අර්ධ අවසන් වටයේදී නෙදර්ලන්තයේ කිකී බර්ටෙන්ස් ලකුණු 7-6 ක් සහ 6-4 ක් ලෙස පරාජයට පත් කරමිනි.

ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීමට අනුව සෙරීනා විලියම්ස් අංක එක ස්ථානයේ පසුවන අතර මුගුරුසා අංක හතර ස්ථානයේ පසුවූවාය.