මාළඹේ සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය සිසුන් 30 දෙනෙකු විසින් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සදහා ඉල්ලා ඇතත් එම ඉල්ලීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රත්ක්ෂේප කර ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මීට පෙරද මෙම ආයතනය වෛද්‍ය සිසුන් පුහුණු කිරීම සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා නැති ආයතනයක් ලෙස නම් කර තිබුනි.
වත්මන් හවුල් පාලනය හා පසුගිය රජපක්ෂ පාලනයන් තුල සිටි මැති ඇමතිවරුන්ගේ හා බලධාරීන් කිහිපදෙනෙකුගේම දරුවන් හා ඔවුන්ගේ ඥාතීන්ගේ දරුවන් ගණනාවක්ද මෙම සයිටම් ආයතනයේ ඉගෙනුම ලබමින් සිටීන අතර ඔවුගේ විවිධ බලපෑම් වෛද්‍ය සභාව වෙත එල්ලවී තිබේ.
කෙසේවෙතත් පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිටි උසස් අධාපන ඇමති විසින්ද මෙම සයිටම් ආයතනයට වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගැනීමට මහත් පරිශමයක් දැරියෙ. ඒ මොහොතේ රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල සිසුන් හා අන්තර් විශ්ව විද්‍යලීය ශීෂ්‍ය බල මණ්ඩලයේ මැදිහත්වීම හේතු කොටගෙන රාජපක්ෂ පාලනයට එම ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට නොහැකි විය.