தமிழ்
English
Contact
Wednesday 26th July 2017    
කෝටි 118ක වාහන ඉල්ලූ ජනතා සේවකයින් මෙන්න « Lanka Views | Views of the truth

කෝටි 118ක වාහන ඉල්ලූ ජනතා සේවකයින් මෙන්න




වත්මන් රජයේ ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් තිස්දෙනෙකුට සැප වාහන මිලදී ගැනීම සදහා රුපියල් එකසිය දහඅට කෝටි විසිපන් ලක්ෂයක අමතර මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට ඊයේ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරිනි. මෙම පරිපූරක ඇස්තමේන්තුව මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙම ඇස්තමේන්තුව මගින් වෙන් කර ගන්නා වාහන මිලදී ගැනීම සදහා මුදල් ඉල්ලා ඇත්තේ මෙසේය

  • ඛණිජ තෙල් සම්පත් ඇමැති චන්දිම වීරක්‌කොඩි සහ නියෝජය ඇමැති අනෝමා ගමගේට රුපියල් කෝටි හතක්‌

  • ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධනට වාහන දෙකක්‌ සහ නියෝජ්‍ය ඇමැති නිමල් ලන්සාට වාහනයක්‌ මිලට ගැනීම සඳහා රුපියල් නවකෝටි අනූ ලක්‌ෂයක්‌

  • නිපුණතා සංවර්ධන ඇමැති මහින්ද සමරසිංහට වාහන දෙකක්‌ සඳහා රුපියල් කෝටි පහක්‌

  • විදුලි සංදේශ හා ඩිජිටල් ඇමැති හරින් ප්‍රනාන්දුට සහ නියෝජ්‍ය ඇමැති තාරානාත් බස්‌නායකට රුපියල් නවකෝටි දස ලක්‌ෂයක්‌

  • මහ නගර සභා නියෝජ්‍ය ඇමැති ලසන්ත අලිගයවන්නට පන්කෝටි හැට ලක්‌ෂයක්‌

  • සංචාරක සංවර්ධන නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දුට පන්කෝටි හැට ලක්‌ෂයක්‌

  • ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්දට රුපියල් හයකෝටි තිස්‌ ලක්‌ෂයක්‌

  • විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්‌කාරට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්‌

  • සංවර්ධන උපාය මාර්ග රාජ්‍ය ඇමැති සූජිව සේනසිංහට වාහන දෙකක්‌ සඳහා රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

  • නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම්ට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

  • නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්‌ඩාරනායකට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්‌

  • ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකාට රුපියල් කෝටි හතක්‌

  • කර්මාන්ත ඇමැති චම්පිකා ප්‍රේමදාසට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

  • විශේෂ කාර්යභාර ඇමැති සරත් අමුණුගමට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

  • රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේට දෙකෝටි හැත්තෑපන් ලක්‌ෂයක්‌

  • ඉඩම් රාජ්‍ය ඇමැති ටී.බී. ඒකනායකට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

  • තිරසාර සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා හා නියෝජ්‍ය ඇමැති සුමේධා ජී. ජයසේනට රුපියල් හත් කෝටියක්‌

  • විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටියට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

  • කඳුරට නව ගම්මාන ඇමැති පී. දිගම්බරන්ට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

  • වාරි මාර්ග රාජ්‍ය ඇමැති වසන්ත සේනානායකට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

  • අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ සහ නියෝජ්‍ය ඇමැති සරත් දුෂ්මන්තට රුපියල් හත් කෝටියක්‌

  • බන්ධනාගාර ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් සහ රාජ්‍ය ඇමැති පියංකර ජයරත්නට රුපියල් හත් කෝටියක්‌

  • වාරිමාර්ග ඇමැති විජිත් විජයමුනි සොයිසාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌



Related News