වසර කිහිපයක සිට රෝගීතත්වයෙන් පසුවූ මොහොමඩ් අලී ඊයේ හදිසියේ රෝහල් ගත කිරීමෙන් පසුව අද දින මියගිය බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
1964 වසරේ එවකට ලෝක බොක්සින් ශූර සෝනි ලිස්ටොන් පරාජය කිරීමේන් පසුව පිටපිට තෙවතාවක් ලෝක හෙවිවේට් ශූරතාව දිනාගැනීමට මොහොමඩ් අලි සමත්විය.
ඔහු මියයන විට 74 වැනිවියේ පසුවි.1981 වසරේ බොක්සින් ක්‍රීඩාවෙන් සමුගන්නා විට මෙම අසහාය බොක්සින් ක්‍රිඩකයා තමන් තරග වැදුනු තරග 61කෙන් තරග 57ක්ම ජය ගැනීමෙන් සිය බොක්සින් ජීවිතය ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ හදවත් තුල නොමැකෙන සටහනක් තැබීමට සමත්ව ඇත.
කෙසේ වෙතත් සිය පළමු ලෝක ශූරතාවය දිනාගත් 1964 වසරට වසර තුනකට පසුව 1967 වියට්නාම් යුද්ධයට එරෙහිව පෙනීසිටීමත් හා එරට අනිවාර්යය හමුදා සේවයට යෑම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එක්සත් ජනපද බලධාරීන් විසින් ඔහුට එරෙහිව නඩු පවරා අලී විසින් ලබාගෙන තිබූ සියලුම පදක්කම් හා ජයග්‍රහණයන් අහිමිකරමින් ඔහුව සිරගත කළේය.
එම දඩුවම අවසන්වීමෙන් පසුව ඔහු එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනුකිරීමෙන් පසුව ඔහුට පනවා තිබූ දඩුවම් වලින් ඔහුව නිදහස් කරනු ලැබීය.
මොහොමඩ් අලීගේ යුද විරෝධී ස්ථාවරය හේතුවෙන් එම පරම්පාරව තුල යුද විරෝධියකු ලෙසත් අයුක්ති සහගත ලෙස එක්සත් ජනපදය විසින් වියට්නාමයට එරෙහි යුද්ධයට ඔහු විරුද්ධවීමෙන් එවකට ලොවපුරා යුද විරෝධීන් හා ලොව පුරා ප්‍රගතිශීලී ජනතාවගේ මහත් ගෞරවයට පාත්‍රවිය.

