ශාලාව ප‍්‍රදේශයේ සිදු වූ ආයුධ ගබඩාවේ පිපිරීම සම්බන්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඊයේ 06 දා බොරල්ලේදී මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එහි ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහ මධ්‍යම කමිටු සමාජික රවීන්ද්‍ර මුදලිගේ මෙම මාධ්‍ය හමුව සඳහා සම්බන්ද වුණා.
එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ,
එක් විනාශයකට පසු තවත් විනාශයක් සිදු වෙලා තියෙනවා. දැන් මේ පුපුරනවා වගේම කාලෙකට ඉහතදී උතුරෙත් මේ අවි පුපුරා ගියා එතනදීත් ජනතාව විශාල වශයෙන් අවතැන් වුණා. විශාල වශයෙන් භීෂණයක් ඇතිවුණා. විශාල වශයෙන් දේපල හා ජීවිත හානි සිදුවුණා. උතුරේද දකුණේද කියල වෙනසක් නැතිව මේ ආයුධ භාවිතා වෙද්දී අති විශාල විනාශයක් කරගෙන තියෙනවා. මේ අයුධ නිෂ්චිතව අපිට අයිති ඒවා නෙවෙයි ඒවා මේරටේ පාලකයන්ගේ උවමණාවන් වෙනුවෙනුයි භාවිතා වුණේ.
මෑතකදී තිරගතවෙච්ඡ තන්හා රතී රඟා චිත‍්‍රපටියේදී අපි දැක්කා යුද්ධෙන් ඉතුරුවෙච්ච ආයුධයක් කොළඹ ආවට පස්සේ මොකද වුණේ කියලා. ඒ ඉතිරිවෙච්ච ආයුධයෙන් වෙච්ච විනාශය ඒ චිත‍්‍රපටියෙන් පෙන්නුවා. මේකෙන් පේන්නේ යුද්ධයේ ඉතිරුම් වලිනුත් කොච්චර විනාශයක් වෙන්න පුළුවන්ද කියන එක.
ඒ වගේම මේ කොස්ගම ශාලාව භූමිය ගැනත් විශේෂයෙන් කතා කරන්න ඕන.
මේ භූමිය විවිධ කාල වලදී දේශපාලකයන්ගේ උකුසු ඇස ගැසුනු භූමියක්.
1990 කාලයේදී මේ භූමිය තුනී ලැලී සංස්ථාවට අයිති භූමියක්. එතනදී රාජ්‍ය දේපල කොල්ලකෑම ගැන කතාවක් තිබුණු භූමියක්. දේශපාලඥයෝ නිලධාරීන් එකතුවෙලා එදා මෙතැන තිබූ තුනී ලෑලි සංස්ථාව විනාශ කරලා දැම්මා.
80 දශකයේ අගභාගයේදී මේ භූමිය සාකච්ඡාවට ලක්වුණේ වධකාගාරයක් විධියට මෙතැනදී අවිස්සාවේල්ල කොළඹ බස් නවත්තලා එන එන තරුණයන්ව අත්අඩංගුවට අරගෙන ඒ තරුණ තරුණියන්ට වධ දුන්න ප‍්‍රදේශයක් විධියට තමයි මේ භූමිය ප‍්‍රසිද්ධ වුණේ.
දැන් මේ භූමිය යුධ ආයුධ ගබඩාවක් හා එය පිපිරීයාම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා.
මේ සියල්ලම සිදුවෙද්දී අහන්න තියෙන්නේ මේ වගේ ජනාකීර්ණ ප‍්‍රදේශයක යුද්ධයකදී භාවිතා වෙන බර අවි, විශාල වශයෙන් ජීවිත හානි සිදු වෙන අවි ගබඩා කරතැබීමට අදාල තීරණ ගත්තේ කොහොමද කියන එක. මේක පහුගිය කාලයේ සිදුවූ මිලිටරීකරණයත් එක්ක එන ප‍්‍රශ්නයක් මීට අවුරුදු 25 කට තිහකට කලින් මේ විධියේ ජනාකීර්ණ ප‍්‍රදේශවල මේවැනි ආයුධ ගබඩා පිහිටුවීම පිළිබඳ සාකච්ඡාවක් තිබුනේ නෑ. ඒවට විරෝධයක් තිබුණා මිනිසුන්ගේ. නමුත් පහුගිය කාලේ ඒක සාමාන්‍යකරණය කරා. උතුරෙදි මේකට ප‍්‍රතිවිරෝධයක් ආව. නමුත් දකුණෙදි එහෙම විරෝධයක් එන්නේ නැති විධියට හීලෑ කිරීමක් කරලා තිබුණා. කිව්වේ ඒවා කරන්නේ ජාතික ආරක්ෂාවට කියලා.
එක පැත්තකින් කොළඹ මහනුවර හයිලෙවල් මාර්ගයෙන් අනෙක් පැති තුනෙන්ම ජනතාව ජීවත් වන ගම්පහ සහ කොළඹ දිස්ත‍්‍රික්කයට අයත් නගර වලින් වටවෙලා තියෙන මෙහෙම තැනක මෙහෙම ගබඩාවක් හැදුවේ කොහොමද? සාමාන්‍යයෙන් ලෝකයේ මෙවැනි දේවල් කරන්නේ ජන ශූන්‍ය ප‍්‍රදේශ වල ඒ වගේම ඒවාට ආරක්ෂිත කලාපයක් තියෙනවා. නමුත් මේ භූමියට අදාලව එහෙම එකක් නෑ. ඒ නිසා මේක අතිශය වගකීම් විරහිත තත්වයක්.
මෙතනදී ආපදා අවස්ථාවකට මුහුණ දීම සම්බන්දයෙන් විශාල ප‍්‍රශ්න පැනනැගුණා. මෙහිදී අවතැන් වූ විශාල ජනතාවක් ඉන්නවා ඔවුන් සම්බන්දව නිසි මැදිහත්වීමක් සිදුවෙලා නෑ. හමුදාව මිනිසුන්ට ප‍්‍රදේශයෙන් ඉවත් වෙන්න කිව්වට ඒ ප‍්‍රදේශවාසීන්ගේ දේපොල සම්බන්ධව වග කියන්න අසමත් වෙලා තියෙනවා.
ඒ වගේම මේ වගේ තවත් තැන් තියෙනවා. ඒවා වලින් අහම්බයක් හරහා හො විශේෂ සිදුවීම් හරහා එවැනි තැන් වල සිදු විය හැකියි. ඒ නිසා ඒවා පිළිබඳ මැදිහත්විය යුතුයි. ඒ වගේම පහුගිය කාලේ චම්පික රණවක ඇමතිවරයා වගේ අය කිව්වා ලංකාවේ බලශක්ති අර්බුදය සම්බන්දව න්‍යෂ්ඨික බලාගාර ඉදිකරනවා කියලා. දැන් අපිට තේරෙනවා මේ වගේ විනාශයක් උනොත් මිනිස්සුන්ට කොහොමහරි අදාල ස්ථානයෙන් ඉවත්වෙලා පණ බේරගන්න පුළුවන්. නමුත් න්‍යෂඨික බලාගාර ගැන පහුගිය කාලේ ආපු සාකච්ඡා අනුව එවැනි අනතුරක් උනොත් ඉන්දියාවට ගිහිල්ලාවත් බේරෙන්න බෑ.
ඒනිසා මෙවැනි ප‍්‍රශ්න වලදී පරිසර සංවිධාන ආදිය පළ කරන විරෝධයන් පිළිබඳ දැන්වත් ආණ්ඩු අවධානය යොමුකරන්න ඕන.