ආපදාවකදී කිසිවක් කළ නොහැකියි – ආපදා මධ්‍යස්ථානයේ ආපදා රැසක්!

2016.06.05 disaster at dmc

කළමනාකරණයේ හා පසුවිපරමේ අඩුපාඩු නිසා රුපියල් බිලියන ගණන් වටිනා උපකරණ විනාශමුඛයට යවමින් රජයේ ආපදා කළමණාකරන ක්‍රියාවලිය මුලුමනින්ම වියවුල් තත්වයකට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ අමාත්‍යංශ මූලාශ්‍ර පවසයි.

2004 සුනාමි ව්‍යසනයට පසුව විදේශ ආධාර හා ණය ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කරන්නට සැලසුම්කරන ලද ආපදා කළමනාකරන ක්‍රියාදාමයක් පිළිබද චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බලධාරින් ජනමාධ්‍ය හමුවේ විවිධ පුරසාරම් කීහ. එහෙත් විදේශ පරිත්‍යාග හෝ ණය ආධාර  යටතේ පිහිටුවන්නට සැලසුම් සකස් කළ, සුනාමි අනතුරු ඇගවීම්, හදිසි දුරකථන ඇමැතුම් හා චන්ද්‍රිකා තාක්ෂණ පද්ධති සහිත ආපදා කළමණාකරණ වැඩසටහන මෙසේ ආපදාවට පත්ව ඇත.

මෙකී ආපදා කළමණාකරණ වැඩසටහනේ වැඩිම වටිනාකමක් සහිත ව්‍යාපෘතියක් ලෙස රැපියල් බිලියන 2.7ක නෙදර්ලන්ත ණය ව්‍යාපෘතියක් ලෙස පිහිටුවන්නට සැලසුම් කළ ‘ආපදා කළමණාකරණ සන්නිවේදන හා ප්‍රතිචාර සංකීර්ණයක්‘ සදහා මිලදී ගත් උපකරණ භාවිතයට ගැනීම හෝ නිසි නඩත්තුවක් හෝ නොමැතිව විනාශ වෙමින් පවතී. ඇමැතිවරු හතරදෙනකුගේ වගකීමෙන් යුතු කමිටුවකින් පාලනය කරන්නට නියමිත වූ මේ ආපදා කළමණාකරන ව්‍යාපෘතිය වසර 12ක් තිස්සේ නිසි මෙහෙයුමක් හෝ අධීක්ෂණයක් නොමැතිව ගෙවිය යුතුවන මහජන මුදල් කාබාසිනියා කරමින් උපකරණ දිරා යමින් තිබේ.

මේ යටතේ පළමු අදියර ලෙස පාදුක්ක චන්ද්‍රිකා තාක්ෂන මධ්‍යස්ථානය සම්බන්ධ කරගන්නා VSAT වැඩසටහන 2008දී ක්‍රියාත්මක වන්නට නියමිත විය.  දෙවැනි අදියර සම්පූර්ණ කරන්නට නෙදර්ලන්තයේ හදිසි අවස්ථා පිළිබද ජාත්‍යන්තර තාක්ෂණ ආයතනයට පමණක් රුපියල් මිලියන 72ක් ගෙවා උපකරණ ලබාගෙන ඇත. එහෙත් මේ යටතේ ඉදි කළ සුනාමි අනතුැු ඇගවීමේ කුළුණු 77ක් නිසි ක්‍රියාකාරිත්වයක් හෝ නඩත්තුවක් නැතිව පවතී. එසේම රුපියල් මිලියන 200ක් වටිනා රෙඩාර් පද්ධතිය භාවිතයට නොගැනීම හේතුවෙන් විනාශ වෙමින් පවතී.

Leave a Reply