ත්‍රිකුණාමලයේත් වරාය නගරයකට අවබෝධතා ගිවිසුම් අත්සන් කරයි!

2016.06.04. trinco mou

ජූනි 2වැනිදා සිංගප්පූරුවේ වෙළෙඳ හා කර්මාන්ත ඇමැති ඊස්වරන් ලංකාවට පැමිණි අවස්ථාවේ එරට ‘සුර්බනා ජුරොන්‘ සමාගම සමග ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුමකට අත්සන් කරනු ලැබුවේ ත්‍රිකුනාමල නැගෙනහිර වරාය නගරයක් සඳහා බව හෙලිව තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන කාලය තුල ත්‍රිකුණාමලය ආශ්‍රිත ‘විශේෂිත ආර්ථික කලාපය“ නම්කරමින් ඒ සඳහා ඉන්දියානු මැදිහත්වීමකට ආරාදනා කරනු ලැබිණි. හම්බන්තොට සංවර්ධන කටයුතු සහ කොළඹ වරාය නගරය ඉදිකිරීම් චීනයට පැවරීමෙන් පසුව උරණ වූ ඉන්දියාව සමග රාජ්‍යතාන්ත්‍රික හිතවත්කම් වෙනුවෙන් ත්‍රිකුණාමලයෙන් අක්කර 1600ක් ඉන්දියාවේ වානිජ අවශ්‍යතා සඳහා නිදහස් කරදීමට මෙවැනි ආර්ථික කලාපයක් ලබාදුන් බවට විවේචන එල්ල විය.

ජාත්‍යන්තර වෙළෙඳ ඇමති මලික් සමරවික්‍රම විසින් ත්‍රිමල වරාය නගර ව්‍යාපෘතිය සඳහා සිංගප්පූරු සමාගමක් සමග මෙසේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේ ත්‍රිමලය ආශ්‍රිත දූපත් හා වරාය නගර සංවර්ධන සැලැස්මක් දියුණු කිරිමට බව ප්‍රකාශ විය. එසේම සිංගප්පූරැව සමග නිදහස් වෙළෙද ගිවිසුමක් අත්සන් කිරීමේ හැකියාව සොයාබැලීමද සිදුවන බව ජාත්‍යන්තර වෙළෙඳ ඇමතිවරයා ප්‍රකාශ කරන ලදී.

2016.06.04. trinco mou1