පසුගිය කාලය තුල “ලක් සතොස“ විසින් මිලදී ගන්නා ලද භාණ්ඩ සදහා මහා පරිමාණයෙන් කොමිස් මුදල් ලබාදී ඇති බවට වන පැමිණිලි ලැබී තිබියදී ඒවා පිළිබදව කළ මූලික පරීක්ෂවලින් පසුව එම ආයතනය තුල රාජකාරි කළ නිලධාරීන් හය දෙනෙකු මේ වන විට “ලක් සතොස“ රාජකාරිවලින් ඉවත් කිරීමට පසුගිය කාලය තුල බරපතල වංචා දූෂණ විමර්ශණ පිළිබද ජනාධිපති කොමිසම විසින් කටයුතු කර තිබුනි.
නමුත් එසේ සේවයෙන් ඉවත් කරන ලද අය අතුරින් එක් නිලධාරියකුට යහපාලන ආණ්ඩුව විසින් මේ වන විට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ උසස් තනතුරකට යළි පත්වීමක් ලබාදීම සම්බන්ධයෙන් බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම පරීක්ෂණ ආරම්භ කර තිබේ.
“ලක් සතොස“ තුල සිදුව ඇති බිලියන ගණනක අලාභයට වගකිව යුතු දේශපාලනඥයි කිහිප දෙනෙකුම සිටින බවත් වසර ගණනාවකදී අවස්ථා ගණනාවකදී මෙම වංචා හා දුෂණ හා අක්‍රමිකතා සිදුවීම් පිටුපස දේශපාලන අධිකාරියේ සෘජුදායකත්වය ලැබී තිබෙන බවට වන මූලික තොරතුර තම විමර්ශන විසින් සනාථ කරගෙන ඇති බවත් එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මාධ්‍ය වෙත කරුණු හෙළිකර ඇත.