ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය සාගර පරිසරයට මුදා හැරිම අතින් ලංකාව ලොව පස්වැනි ස්ථානයට පත්ව ඇත. සමික්ෂණයකට අනුව සාගර පරිසරයට වඩාත් හානිකර ද්‍රව්‍ය මුදාහරින රටවල් විස්සක් අතුරින් මෙවර ලංකාව පත්ව ඇත්තේ පස්වන ස්ථානයටයි.
International Business Times සගරාව විසින් කළ පර්යේෂණයකට අනුව ලොව පුරා රටවල් 192 පිළිබද අවධානය යොමු කරනවිට ඒ අතරින් සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ඝණ අපද්‍රව්‍ය මුදාහරින ප්‍රධාන රටවල් 20 නම්කර ඇත. එහි පළමුවැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ දර්ශකය අනුව 8.8ක් හිමිකරගෙන ඇති චීනයයි. දෙවැනි හා තුන්වැනි ස්ථාන ලබැ ඇත්තේ ඉන්දුනීසියාව හා පිලිපීනයයි. සිව්වැනි තැන වියට්නාමයට හිමිව ඇති අතර පස්වන ස්ථානය දර්ශකයේ 1.59ක් වන ලංකාවට හිමිව ඇත.
සමික්ෂණ වාර්තා පෙන්වා දෙන පරිදි වසරකට ලොව පුරා ප්ලාස්ටික් හා දිරා නෙයන අපද්‍රව්‍ය ටොන් මිලියන 13 කටත් වඩා ලොව පුරා සාගර පරිසර පද්ධතියට එකතුවෙ. එයින් 80 % වන ප්ලාස්ටික් හා ඝණ අපද්‍රව්‍ය එකතු වන්නේ රටවල් 20 ක් පමණ බව මෙම පර්යේෂණය මගින් පෙන්වා දෙනවා . එයින් 30% චීනය විසින් සාගරයට මුදා හරිනු ලබනු ලබයි.
International Business Times සගරාව පෙන්වා දෙන්නේ ලංකාව තුල වෙසෙන සෑම පුද්ගලයෙක්ම දිනකට (නිෂ්පාදිත කුණු ජනගහණය අනුව බෙදා බැලීමේදී) කුණු කිලෝ 5.1ක් පරිසරයට මුදාහරින අතර මුදාහරින ප්ලාස්ටික් ප්‍රමාණය පමණක් ග්‍රෑම් 300ක් පමණ බවයි.
ඒ අනුව දිනකට රට තුල ගොඩ ගැසෙන ප්ලාස්ටික් හා නොදිරණ කසල ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 5163689ක් වන අතර දිනකට පරිසරයට එක්වන සමස්ථ කසළ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 74297587 පමණ වන බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
ලංකාව තුල කසළ කළමණාකරනයට නිසි වැඩ පිළිවලක් නොමැති අතර දිනෙන් දින ගොඩ ගැසෙන කුණු රට තුල දැවැන්ත අර්බුදයක් පවතින බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි. එසේම කොළඹ නගරයේ ගොඩ ගැසන කසළ විල්පත්තු රක්ෂිත මායිමට ගෙනයාමට සුදානම් වෙමින් ඇත.
එමෙන්ම මුහුදට ප්ලාස්ටික් හා නොදිරණ කසල දැමීම 2025 වන විට ලංකාව තුල බරපතල ලෙස ඉහල යනු ලබන බව පෙන්වාදෙන International Business Times සගරාව එය වසරකට මෙට්‍රික් ටොන් 1.92 බවට පත්වීමේ අවදානමක් ඇති බව තහවුරු කර ඇත. වරාය නගරය ඉදිවුවහොත් එහි සිට දිරා නොයන කසල සියල්ලත් සාගරයට එකතුවන අතර 2025 වන විට ලෝකයේ සාගර පරිසරයට කසළ දමන රටවල් අතර තුන් වන තැනට ලංකාව පත්වනු ඇතැයි සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙයි.


