අධ්‍යාපන අයිතිය ඉල්ලූ සිසුන්ට ආණ්ඩුවෙන් පහර දෙයි

2016.04.28-SAITM

මාලඹේ හොර උපාධි කඩය අහෝසි කරනු ! යන තේමාවෙන් ඉල්ලීම් කිහිපයක්ද සමග වෛද්‍ය සිසුන් අරඹා ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 100 සපිරෙන අද දින ඔවුන් පැවැත්වූ විරෝධතාවට පොලිසියේ කදුලු ගෑස් හා කැරලි මර්දන භටයන්ගේ ප්‍රහාර එල්ල විය.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කළ දැවැන්ත පාගමන අද දහවල් 1.30 ට පමණ කොළඹ වෛද්‍ය පීඨය ඉදිරිපිටින් ආරම්භ විය. අරලියගහ මන්දිරය දක්වා ගමන් කළ පාගමනට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී පොලිසිය යොදවා මාර්ග බාධක යොදා මාර්ගය අවහිර කර තිබු අතර සිසුන් බාධක බිදිමින් ගමන් කිරීමට උත්සහා ගන්නා විට පොලීසිය එල්ල කල ජල හා කඳුළු ගෑස් ප්‍රහාර වැදී සිසුන් තිදෙනෙකු දෙනෙකු මේවන විට රෝහල් ගතකර තිබෙනවා. ඉන් එක් සිසුවෙකුගේ හිසට කඳුළු ගෑස් උණ්ඩයක් වැදීම නිසා අසාධ්‍ය තත්වයේ පසුවේ.

2016.04.28-SAITM 1 2016.04.28-SAITM 2