වත්මන් ආණ්ඩුව යටතේ ද අධ්‍යාපනය විකිණිම සිදුකරන්නට නියමිත බව සනාථ කරමින් වෛද්‍ය උපාධිය විකුණන එවැනි ආයතනයක් ඉතා නුදුරේදීම ආරම්භ කරන බවත් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (15) කොළඹදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ජනමාධ්‍ය හමුවේදීය. රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් පිටවන වෘත්තිකයන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින් එවැනි උපාධි පිරිනමන ආයතන බිහිකරන ලෙස දේශීය හා විදේශීය ආයෝජකයන්ට ආරාධනා කර ඇති බව ඇමැතිවරයා පවසයි.
රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දැනට ඇතුළත් කළ හැක්කේ සිසුන් 170ක් පමණක් නිසා එය 500 දක්වා ඉහළ නංවන බවද ඔහු කීය. කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ පෞද්ගලික අධ්‍යාපන ආයතන බිහිකිරීම එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය බවට පත්ව තිබෙන බවයි.