බෝතල් කළ ජලය විකිණීම සදහා මහා පරිමාණයෙන් භූගත ජලය ඇද ගැනීම නිසා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශ කිහිපයක ළිං සහ දිය උල්පත් විශාල සංඛ්‍යාවක් සිදී ගොස් ඇත.
නයිවල ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක් මගින් භූගත ජලය ලබාගෙන ජලය විකිනීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම නිසා උඩුගම්පොළ, වතුමුල්ල, පේඩිපොළ,දොරණාගොඩ, දෙවලපොළ, ගල්ලේගෙදර යන ප්‍රදේශ මෙම උග්‍ර ජල හිගයට මුහුණපා ඇත. එම ගම්වල භුගත ජලය සිදී යාමෙන් ළිං ඇලදොල සිදීගොස් කාන්තාර තත්වයක් මතුවී තිබේ. මෙම ජල කොල්ලයට එරෙහිව ප්‍රදේශවාසීන් අදාල බලදාරින් දැනූවත් කළද ඒ සදහා කිසිදු පියවරක් ගෙන නැතැයි ප්‍රෙද්ශවාසීහු කියති.මේ නිසාම ප්‍රදේශවාසීහූ පසුගිය දා එම ජලය බෝතල් කරන ව්‍යාපාරික ස්ථානය ඉදිරියේ උද්ඝෝෂණයක්ද කළහ.