රුපියල් 500ට තිබුණූ දඩ මුදල් 25000 දක්වා ඉහළ දැමීමට විරෝධය පළකරමින් පැන නැගුනු ජනතා විරෝධය නිසි නායකත්වයකින් ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන නොයාම නිසා දැන් 25000 දඩ මුදල 50,000 දක්වා ඉහළ නැංවීමට ආණ්ඩුව ලජ්ජාවක් හෝ බියක් නැතිව තීරණය ගෙන තිබේ.
ඉකුත් වසරේ අයවැයට සමාන්තරව රථවාහන දඩ වැඩිකිරීමෙන් පීඩාවට පත්වන අඩු ආදායම්ලාභීන් විසින් ආණ්ඩුවේ දඩකෙළියට එරෙහිව රටපුරා විරෝධතා ගෙන ගියහ. එහිදී ඒකාබද්ධ විපක්ෂය විසින් ඒවා සිය දේශපාලන ප්‍රවර්ධනයේ අංගයක් ලෙස භාවිතා කළා මිස ආණ්ඩුවේ දඩ කෙළියට එරෙහිව ජනතාවගේ ජයග්‍රහණ ගෙන ඒමට නායකත්වයක් දුන්නේ නැත. විරෝධතා උත්සන්න වෙත්ම රථ වාහන සඳහා දඩ මුදල් නිකුත් කිරීමේ ගැටලුව විමර්ශනය සඳහා 2016 දෙසැම්බර් 3 වන දා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් විශේෂ කමිටුවක් පත් කෙරිණි. එම කමිටුව සමන්විත වූයේ මුදල්, ප්‍රවාහන, අධිකරණ, අමාත්‍යංශවල ලේකම්වරුන්, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ හා පොලීසියේ නියෝජිතයන්ගෙනි. මෙම කමිටුවට විරෝදතා පැවැත්වූ වෘත්තිය සමිති හෝ සිවිල් ක්‍රියාකාරින්ඇතුලත් කෙරුනේ නැත. කෙසේවෙතත් මේ වන විට එම කමිටුවෙන් මූලික නිර්දේශ වාර්තාවක් නිකුත්කර තිබේ. ඒ අනුව නැවත බදු සංශෝධන මිස සහනයක් ලබා දී නැත. ඒ වෙනුවට ආණ්ඩුවේ අරමුණු වෙනුවෙන් බදු මුදල් නැවත වරක් ඉහළ දැමීමට යෝජනා ඉදිරිපත්ව තිබේ.
නව බදු සංශෝධන මෙසේය.
-
රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය (පළමු අවස්ථාව) – රුපියල් 6000 වූ උපරිම දඩය රුපියල් 30000 දක්වා වැඩි කිරීම – දෙවැනි අවස්ථාවේ රුත 50000 දක්වා වැඩි කෙරේ.
-
රියැදුරු බලපත්‍රයක් නොමැති අය සේවයේ තබා ගැනීම – රුපියල් 12000ක දඩ මුදල රුපියල් 50000ක උපරිමයකට යටත් කිරීම.
-
මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කොට රිය ධාවනය දැනට අය කෙරෙන, රුපියල් 7500ක උපරිම දඩය රු. 30000දක්වා වැඩි කිරීම. (තුන් මසකට නොවැඩි සිර දඬුවමක් හා වසරකට නොවැඩි කාලයක බලපත්‍ර අත්හිටුවීමක් )
-
මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කොට රිය ධාවනය කර අනතුරක් සිදු කළ අවස්ථාවේදී
මරණයක් සිදු වුවහොත් වසර 2 සිට 10 දක්වා සිර දඬුවමක්,
රියැදුරු බලපත්‍ර අහෝසියක් මෙන් ම රුපියල් 150000ක දඩයක් නියම කිරීම.
තුවාල සිදු කළ විට දැනට අය කෙරෙන, රුපියල් 15000ක උපරිම දඩයරුපියල් 50000 – 100000 දක්වා වැඩි කිරීම
සුළු තුවාල සිදු කළහොත් 50000ක උපරිම දඩයක් හා වසරකට නොවැඩි සිර දඬුවමක් අලුතින්ම යෝජනා කෙරේ.
-
දුම්රිය මාර්ග හරහා අපරික්ෂාකාරීව වාහන ධාවනය (පළමු අවස්ථාව) රු. 30000ක් ද, දෙවන අවස්ථාවේ 40000ක් ද, තුන්වන අවස්ථාවේ 50000ක් ද, වසරක රියැදුරු බලපත්‍ර අත්හිටුවීමක්
-
රක්ෂණාවරණය නොමැතිව රිය ධාවනය වෙනුවෙන් අය කෙරෙන රුපියල් 5000 සිට 25000 දක්වා වන දඩ මුදල 25000 සිට 50000 දක්වා වැඩි කිරීමට අවධානය යොමු වී තිබේ.
-
අධික වේගය පවතින ස්ථානීය දඩ මුදල වේග ප්‍රතිශතය අනුව රුපියල් 3000 සිට 5000 දක්වා අය කිරීම.