අපට අකුල් හෙළුවොත් බලාගෙනයි! – රනිල් අනතුරු අගවයි

මර්දනය සම්බන්ධ මෘග ඉතිහාසයක වගඋත්තරකරු වන එක්සත් ජාතික පක්ෂයේ නායකයා අධ්‍යාපනය විකිනීමට එරෙහි ශිෂ්‍ය විරෝධතාවන් පිළිබද ද්වේශ සහගත ප්‍රකාශයක් සිදුකර ඇත.

පසුගියදා සයිටම් අහෝසි කරනු!, අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ! යනාදී සටන් පාට මුග්කරගෙන දිවයිනේ විවිධ නගරවල සිට ශිෂ්‍යයන් සිවිධානය කළ විරෝධතා රථ පෙලපාළියට එරෙහිව සිය ද්වේහය හෙළිදරව් කරමින් ඔහු කළ ප්‍රකාශය සිය අනුගාමිකයන් උසිගන්වන සුලු බවට සැක නැත. එහිදී ඔහු පවසා ඇත්තේ “මේ කුඩා ප්‍රමාණයේ උද්ඝෝෂණ වාගේ නොවෙයි,  අපේ තරුණ කණ්ඩායම් එකට එකතු වී ඊට වඩා බලවේගයක් ඇති කළොත් කුමක් සිදුවේවිදැයි මා කියන්නට අවශ්‍ය නැහැ.“ යනුවෙනි.

අගමැතිවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කලේ ඊයේ (18) වැනිදා ගම්පොල, හෙම්මාතගම පැවැති රැස්වීමක් අමතමිනි. එමගින් එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ශිෂ්‍ය විරෝධතාවල යෙදෙනවුන්ට අනතුරු ඇගවීමක් කරන්නට උත්සාහ කර ඇත. දිවයිනේ විවිධ ස්ථානවලදී මව්පියන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරැවන් හා ශිෂ්‍ය ප්‍රජාව අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහිව සිදුකළ විරෝධතා හමුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සිදුකර ඇත්තේ 1989 එ.ජා.ප. මර්දනය සිහිගන්වනසුලු ප්‍රතිචාරයකි.

එසේම මහපොළ ශිෂ්‍යත්වයෙන් ජිවත්වන ශිෂ්‍යයන්ට වාහන අරගෙන පෙලපාළි යන්න මිලියන ගණන් සල්ලි කොහෙන්ද? යනුවෙන් අගමැතිවරයා ප්‍රශ්න කර තිබේ. එසේම එහිදී වැඩිදුරටත් කතා කරමින් “අපි සූදානම් රැකියා ලබාදෙන්න, ආදායම් මාර්ග ලබාදෙන්න, යහපත් අනාගතයක් ලබාදෙන්න. මෙයට කවුරු හෝ අකුල් හෙලුවොත් එයටද පිළිතුරු ලබා දෙන්න අපි සූදානම්. යනුවෙන්ද අගමැති රනිල් වික්‍රමසිංහ අනතුරු අගවා ඇත.