උඩුදුම්බර ප්‍රදේශයේ ගරාවැටුණු පාසල් ගොඩනැගිල්ලක් සම්බන්ධ සාකච්ඡා කිරීමේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක විසින් එම පාසලේ විදුහල්පතිවරයාට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත.
ඊයේ (17) මධ්‍යම පළාත් අධ්‍යාපන කටයුතු පිළිබද පැවැත්වූ සාකච්ඡාවක් අතරතුරදී විදුහල් ගොඩනැගිල්ල භාවිතයට ගැනීමට නොහැකි තත්වය තුළ නව ගොඩනැගිල්ලක් ඉල්ලීම සම්බන්ධව ඇති වූ අදහස් හුවමාරුවේදී එම තත්වය ඇතිවිය. පලාත් අධ්‍යාපන අධයක්ෂ මහිදී අදහස් දක්වමින් පාසල් සදහා සැලසුම් සකස් කිරීමේදී කලාප අධ්‍යක්ෂවරයා විසින් එවැනි පාසල් ගොඩනැගිල්ලක් සම්බන්ධව ඉල්ලීමක්වත් කර නැති බව ප්‍රකාශ කළ අතර කලාප අධයක්ෂවරයා වහාම මාරු කර යැවිය යුතු බව මහඇමතිනියගේ නිර්දේශය විය.
එහිදී නිලධාරින් අතර එම තීරණය සම්බන්ධයෙන් විවාද සහගත තත්වයක් ඇතිවූ අතර අදාළ පාසලේ විදුහල්පතිවරයා මෙහිදී කරුනු පැහැදිලි කිරීමට ගත් උත්සාහයට බාධා කරමින් මහඇමතිනිය ඔහුට වාඩිවන ලෙස නියෝග කළාය. විදුහල්පතිවරයා අදහස් ප්‍රකාශ කරමින් සිටියදී කිපුණු ආණ්ඩුකාරවරිය, “තමුන්නාන්සෙ මගෙන් කුණුහරුප අහගන්නෙ නැතිව වාඩිවුණොත් හොදයි“ යනුවෙන් විදුහල්පතිවරයාට තරවටු කළාය. “මට තේරෙනවා තමුන් කාටද හුනුගාන්න හදන්නෙ කියලා” යනුවෙන්ද ඇය ප්‍රකාශ කලාය.