සභ්‍යත්ව සමාජය හා හෙලුව වසාගැනීම
Posted on 01.25.2017 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
නව ලිබරල් ධනවාදයේ වත්මන් අර්බුදය විසින් ධනපති සමාජ ක‍්‍රමයේ පැවැත්ම වෙනුවෙන් නව ප‍්‍රවණතාවයන් දෙකක් කරළිියට ගෙන එන බැව් පෙනෙයි. ඉන් එකක් නම් නව ලිබරල් ධනවාදය ජාතිවාදයේ සරණයෙන් ඉදිරියට ගෙන යාමයි. අනෙක් විකල්පය නම් සමාජවාදයේ වේශයෙන් එන නව සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වේශයයි.
අමරසේකරගේ සභ්‍යත්ව සමාජය නමින් න්‍යයිකව තහවුරු කරන්නට උත්සාහ ගන්නේ අන් කිසිවක් නොව නව ලිබරල් ධනවාදය ගැනීමට නියමිත ජාතිවාදයේ වේශයයි. මේ ස`දහා ඔහු ලාංකීය භූමිය මත සියවස් ගණනාවක් තිස්සේ පැවත ගෙන එන සභ්‍යත්වයේ ආධාරය ලබා ගැනීම පමණක් මෙහි අලූත් කරුණු දැක්වීමක් ලෙස මතුකර ඇත.
ලංකාවේ බොහෝ ජාතිකවාදීන්ට අනුව ජාතිකවාදයට චිරන්තන පැවැත්මක් ඇතැයි යන්න හුදු ප‍්‍රවාදයක් මිස අන් යමක් නොවේ. එය 18 වන හා 19 වන සියවස් හි යුරෝපය මුල් කරගෙන පැනනුණු ජාතික රාජ්‍යයේ දේශපාලන මතවාදයයි. ලංකාව වැනි යටත්විජිත රටවලට මෙම මතවාදය ආනයනය කරන ලද්දේ ද්විභාෂික උගතුන් විසිනි. විශේෂයෙන්ම යටත් විජිතයන්හි පැවැති සංස්කෘතික උරුමයන් මත එකී මතවාදය නැවත ප‍්‍රතිනිර්මාණය කිරීම ඔවුන් අතින් සිදු විය.
මෙහිදී බෙනඩික්ට් ඇන්ඩර්සන් 1983 පළකළ ‘පරිකල්පිත ප‍්‍රජාවන්’ කෘතිය, මහාචාර්ය අර්නස්ට් ගෙල්නර් 1983 දී පළකළ ‘ජාතීන් සහ ජාතිකවාදය’ කෘතිය, එලී කෙදුරි 1960 දී පළකළ ‘ජාතිකවාදය’ කෘතිය හා 1970 පළ කළ ‘ආසියාවේ හා අප‍්‍රිකාවේ ජාතිකවාදය’ යන කෘතියේ ප‍්‍රස්තාවනාව, හා පර්තා චැටර්ජී 1985 දී පළකළ ‘ජාතිකවාදී චින්තනය හා යටත්විජිත ලෝකය ව්‍යුත්පන්න කථිකාවක්ද?’ යන කෘතිය හා 1992 දී පළකළ ‘ජාතිය සහ එහි කැබලි යටත්විජිත හා පශ්චාත් යටත් විජිත ඉතිහාසය’ යන කෘති මූලාශ‍්‍ර කරගනිමින් ජයදේව උයන්ගොඩ ‘ජාතිය, ජාතිකවාදය සහ ජාතික රාජ්‍යය’ නමින් ඉදිරිපත් කර ඇති කෘතිය ඇසුරෙන් ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය.
හන්ටින්ටන් සහාය කරගනිමින් බටහිර මතවාදයන්ට එදිරිව යැයි පවසමින් අමරසේකර ගොඩනගන ‘ජාතික චින්තනය’ විසින් පෙන්වන්නේ ද බටහිර ජාතික රාජ්‍යය සම්බන්ධයෙන් පැනනැගි ධනේශ්වර ජාතික රාජ්‍යයේ පැවැත්ම සනාථ කරනු ලබන දේශපාලන දර්ශනයේම සරණ යාමකි. නිෂ්පාදන සංවර්ධනය විසින් අත්පත් කරදෙනු ලබන සංස්කෘතික ඉදිරිගාමීත්වයේ ඵල ප‍්‍රයෝජන අත්පත් කර නොගත් පසුගාමී රාජ්‍යයන්හි ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුදය තම ප‍්‍රස්තුත හේතුකාරණය කරගනිමින් බටහිර ධනේශ්වර ජාතික රාජ්‍ය ආකෘතිය යල්පැන ඇතැයි හේතු දක්වන අමරසේකර එයට පිළියමක් ලෙස ‘සභ්‍යත්ව රාජ්‍යයක්’ යන මතවාදයක් ඉදිරිපත් කරයි. ද්වීභාෂික උගතුන් විශේෂයෙන්ම යටත් විජිත අධ්‍යාපනය තුළදි යුරෝපයේ සංස්කෘතික පුරාජේරු වලින් හීනමානයට පත් ද්වීභාෂික උගතුන්ට ඊට ප‍්‍රතිවිරුද්ධව යටත් විජිත සංස්කෘතික උරුමයන් උත්කර්ෂයට නැංවීමේ අභිලාෂයන් පහළවීම අරුමයක් නොවේ. නමුත් අවාසනාව නම් එම සංස්කෘතික උරුමයන් වර්තමානයට කැදවීම සදහා ඔවුන් නැවත උපයෝගි කරගන්නේ ද යුරෝපීය ආකෘතින් වීම වැලැක්විය නොහැකි යථාර්ථයක් වී ඇත. මෙම විලිලැජ්ජාව වසා ගැනීමට චීනයේ කොන්ෆියුසියස් සභ්‍යත්වයක් ඇ`දාගැනීමට අමරසේකර උත්සාහ දැයි. එසේම එහිදී ‘මා ඕ සේතුං පවා කොන්ෆියුසියස් සංස්කෘතියට අනුගත වීයැ’යි යන්න සාවද්‍ය අදහසකි. එමෙන්ම සමාජවාදයේ ලක්ෂණ පැන නගින්නේ එම සංස්කෘතික මූලයන් ගෙන් යැයි පැවසීම වැනි ජනප‍්‍රිය බාල වැඩ ද අමරසේකරගේ අදහස් දැක්වීම්වල දක්නට ලැබෙයි.
පසුගිය කලාපයේ අප සාකච්ඡුා කළ පරිදි ලංකාවේ සංස්කෘතික බහුවිධත්වය සිංහල බෞද්ධ සංස්කෘතික උරුමයට යට කිරීමෙ සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජනසම්මතවාදය නමින් හදුන්වන ඒකාධිපති රාජාණ්ඩුවාදයකට යට කිරීම දක්වා අමරසේකරගේ ව්‍යාපෘතියේ දිශානතිය කුමක් ද. සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇතැයි හුවා දක්වමින් සහජීවනය හා සමානාත්මතාවය සහිත සභ්‍යත්ව රාජ්‍යයක් යැයි කියමින් අමරසේකර අර අදින්නේ කුමකට ද?
යුරෝපයේ දී පවා ජාතික රාජ්‍යයන් තුළ සංස්කෘතික ස්වීයකරණය සිදුවූයේ එක්කෝ බලහත්කාරයෙනි, නැත්නම් අවශේෂ සංස්කෘතින් පුර්ණ ලෙස උරා ගැනීමෙනි. ධනේශ්වර නිෂ්පාදන කි‍්‍රයාවලියේ සංවර්ධනය විසින් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණ සමාජයට අත්පත් කරදෙමින් මෙම තත්වය ඇතිවීම හා වත්මනෙහි පිරිහෙමින් පවතින ධනවාදය තුල මෙම තත්වය සිදුවීම අතර පැහැදිළි වෙනසක් තිබේ. මන්ද එය අවශේෂ ජාතිීන්ට හා සංස්කෘතීන්ට මාරාන්තික වනු ඇත. සංස්කෘතික බහුවිධත්වය පිළිනොගැනීම මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළි නොගැනීම වසා ගැනීමට සුබසාධන රාජ්‍ය සංකල්පය අමරසේකර සභ්‍යත්ව රාජ්‍යයට බද්ධ කරයි.
සුබසාධන රාජ්‍ය සංකල්පය ධනවාදයේ එක් මොහොතක ගැලවුම්කරුවකුගේ භූමිකාව ඉටුකළ නමුත් ධනවාදයට සෑම අවස්ථාවකම සුබසාදනය වෙනුවෙන් පෙනී සිටීමට නොහැක. එය පවත්නා ආර්ථික අර්බුදය විසින් තීරණය කරනු විනා පාලකයන්ගේ හුදු කැමැත්ත මතම තීරණය කළ නොහැක.
ජාතිකවාදය සියවස් ගණනක් පැරණි මතවාදයක් වත්, භොතික පැවැත්මක් සහිත ප‍්‍රපංචයක්වත් නොවේ. එය ධනේශ්වර රාජ්‍යයේ පැවැත්ම සම`ග කරළියට පැමිණි මතවාදයකි. වැඩවසම් අත්තනෝමතිකත්වයට එරෙහි අරගලයේදී හා යටත් විජිතවල පීඩිත ජාතීන්ගේ විමුක්ති අරගලවලදී එයට කිසියම් ප‍්‍රගතිශිලී කාර්ය කොටසක් ඉටුකිරීමෙ හැකියාව එය වටා ඒකරාශි වී සිටි බහුජන බලවේග විසින් නිර්මාණය කර දුන්න ද වත්මන් සන්දර්භය තුළ එවන් හැකියාවක් ඉතිරිව නැත.
නව ලිබරල් ධනවාදයේ අර්බුදය විසින් ධනේෂ්වර රාජ්‍යයට නව ආකෘතික වෙනසක් අත්පත් කරගැනීමට බලකර සිටියි. ඇත්ත වශයෙන්ම මෙය නව ආකෘතික වෙනසක් ද නොවේ. නට්සිවාදය හා ෆැසිස්ට්වාදය ලෙස අත්හදා බැලීමට ලක් වූයේ ද මෙම ආකෘතියයි. මෙම ආකෘතික වෙනස කරා ධනෙශ්්වර රාජ්‍යයට මග පෙන්වන ගාමකය ලෙස ධනපති පංතිය කල්පනා කරන්නේ ජාතිකවාදයයි. එය කුමන දාර්ශනික ආකාරයෙන් හැඩගන්වා රැුගෙන ආවත්, එහි අවසන් හරය තීරණය කරනු ඇත්තේ ධනවාදයේ අර්බුද වසා ගැනීමට නිර්මානය කරගන්නා ඒකාධිපතිත්වයකි.
මාක්ස් ලෙනින්වාදීන් වන අපට ද පවත්නා මේ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඇතිතරම් විවේචන ඇත. එහෙත් අපගේ විවේචනය හා අමරසේකරගේ විවේචනය එකක් නොවේ. අප විවේචනය කරන්නේ පංති සහිත සමාජයක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හුදු නාම මාති‍්‍රක බවයි. නමුත් අමරසේකර පවසන්නේ එය බටහිරින් පැමිණි නිසා හා ලංකාවේ වත්මන් මොහොතේ පවතින දුබලතා නිසා ඒ වෙනුවට ජනසම්මතවාදයක් නමින් හදුන්වන ඒකාධිපති රාජාණ්ඩුවාදයක් කරා ගමන් කළ යුතු බවයි.
අමරසේකර විසින් පවතින සමාජ ක‍්‍රමයේ අර්බුදය හුදු සමාජ දේශපාලන අර්බුදයක් ලෙස ඌනනය කරන්නනේ හිතාමතාමය. එයින් අර්බුදයේ ප‍්‍රධාන කාරණය වන ආර්ථික අර්බුදය සැගවීමට හැකියාව ලැබෙතැයි අමරසේකර කල්පනා කරයි. ඒ නිසා කිසිදු ආකාරයකින් අමරසේකර අතින් සමාජ ක‍්‍රමය අභියෝගයට ලක් වන්නේ නැත. එසේ නම් අමරසේකර යෝජනා කරන්නේ ධනවාදයේම තවත් ආකාරයක් මිස වෙන කුමක් ද?
ධනවාදය ලංකාව වැනි පසුගාමී රටවලදී මුහුණ දෙන තවත් එක් ප‍්‍රධාන ගැටලූවක් නම් තම මුලෝපායන් වෙනුවෙන් අවංකව හා කැපවීමෙන් කටයුතු කරන නායක පෞරුෂයන් අහිමි වීමේ කාරණයයි. අමරසේකරලා මුහුණ දෙන ප‍්‍රධානතම ප‍්‍රශ්නය ද එයයි. කෙතරම් ව්‍යාජ ප‍්‍රවාදයන් මූට්ටු කරමින් සභ්‍යත්ව සමාජය නමින් ධනවාදයේ ඒකාධිපති ආකාරයක් ස`දහා අමරසේකරලා පදනම් දැමූවත් එය ඉටුකිරීම වෙනුවෙන් අමරසේකරලාට යෝජනා කිරීමට ඇත්තේ රාජපක්ෂ පන්නයේ නායකයන් නම්, එම ව්‍යාපෘතිය ද ලත් තැන ලොප් වනු ඇත.
Related News