පේරාදෙණි කෘෂීපීඨ සිසුන්ට වදදීමෙන් දෙවන වසරේ සිසුන් 15ක් රක්ෂිත බන්ධනාගාරයට

පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ පළමුවන වසරේ සිසුන්ට වද දීමේ සිදුවීම සම්බන්ධයෙන් දෙවන වසරේ සිසුන් පහළොස් දෙනෙකු ඊයේ(20)සරසවි බලධාරින්ගේ මැදිහත්වීමද සහිතව පේරාදෙණීය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සිසුන් මාර්තු මස 02 වන දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කරන ලදී.

රාජ්‍ය බුද්ධි අංශ විසින් කලක් තිස්සේ මෙම ස්ථානය පිළිබද විමසිල්ලෙන් සිට ඇති අතර මෙම සිසුන් පිරිසට නවක වදය දෙන බවට පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ විනයපාලකවරයා ඇතුලූ ආචාර්යවරුන්ට දන්වා ඇත. ඒ අනුව ඔවුන් ඒ සැනින් පොලිසියට පැමිණීලි කර තිබේ. පොලිසිය සමග ස්ථානය වටලා වදදීමට සම්බන්ධ සිසුන් පොලිස් භාරයට ගෙන වදයට ලක්වු සිසුන් 08 දෙනෙකු ප‍්‍රතිකාර ලබාගැනිම සඳහා පේරාදෙණීය රෝහලට ඇතුළත් කර තිබේ.

සිසුන් මෙලෙස වෙනත් ස්ථාන වල නවකවදය දීමේ ක‍්‍රියාවලිය සිදුකරන්නට ඇත්තේ විශ්වවිද්‍යාලය තුළදි සිසුන්ට නවක වදය දිමට ඇති අවස්ථා විශ්ව විද්‍යාල බලධාරින් විසින් අවහිර කර තිබිම නිසා වියහැකි බව විශ්වවිද්‍යාල ප‍්‍රකාශකයෙකු ජනමාධ්‍ය වෙත අදහස් පළ කර තිබිණි. නවක වදය යොදාගෙන පාලකයන් ශිෂ්‍ය මර්දනය සදහා පොලිසිය සමග සහයෝගයෙන් කටයුතු කිරිම සුලභ කරුනක් වුවද නවකවදයදීමකදී ඒ වෙනුවෙන් පෙනී සිටීමට ශිෂ්‍ය නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ශිෂ්‍ය සභාවලට හැකියාවක් නැති බවට පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරින් විසින්ද අදහස් දක්වා තිබිණී. නවකවධය වැනි තත්වයන්ට වගකිවයුතු ශිෂ්‍යයන්ට නීතිය ක්‍රියාත්මක කරනවා මෙන්ම මෙවැනි අමානුෂික තත්වයන් හටගන්නා හේතු සොයා බලා විසදුම් ලබාදීමේ වැදග්කමද ශිෂ්‍යයන් මෙන්ම ආචාර්යවරුන්ද අවධාරණය කර තිබිණී.

Leave a Reply