පෙබරවාරි මාසයේ දෙවැනි සතිය වනවිට රාජය මුල්‍ය වෙළෙදපොළෙන් රු. මිලියන 105,222.62ක් ඉවත් කරගැනීම නිසා මුල්‍ය අර්බුදයකට මගපෑදී ඇති බව පෙනෙන්නට තිබේ.
එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නව ප්‍රතිපත්ති අනුව හැසිරෙමින් එක්සත් ජනපද ආයෝජකයන් විසින් රාජ්‍ය මුල්‍ය ක්ෂේත්‍රයට කළ මැදිහත්වීමෙන් ඉවත්ව යාම නිසා මෙසේ ඇතිව තිබෙන මුල්‍ය හිගය මෙරට මුල්‍ය වෙළෙදපොලේ සමස්තයෙන් තුනෙන් එකක් බව ගණන් බලා ඇත. හවුල් ආණ්ඩුව පැමිණීමත් සමග විදේශ ආයොජකයන් පැමිණෙන බවට කළ අනාවැකි ආර්ථිකයේ දිගුකාලීන ආයොජන සදහා සිදු නොවූවද මුල්‍ය වෙළෙදපොලේ තාවකාලික මැදිහත්වීම් සිදුවෙමින් තිබිණි. ඒ අනුව 2016 ඔක්තෝබර් මාසය වනවිට රාජ්‍ය මුල්‍ය වෙළෙදපොළේ ආයෝජන ලෙස රු.මිලියන 316,722.89ක් දක්වා ඉහළ යාමක් තිබිණි.
එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා විසින් එරට ආර්ථිකය තුළ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ගෙන එමින් සිදුකරන්නට යෝජිත ප්‍රතිසංස්කරණ හමුවේ වැඩි ප්‍රතිලාභ අපේකෂාවෙන් එරට ආයොජකයන් විදේශයන්හි කළ ආයොජන ඉවත් කරගැනීමේ ප්‍රවණතාවයක් ඇතිව තිබේ. මේ අනුව ඉදිරියේදී ලංකාවට මුල්‍ය වෙළෙදපොළ මෙන්ම වෙනත් ඍජු ආයොජන පැත්තෙන් වාසිදායක තත්වයක් ඇතිවන්නට ඇති ඉඩකඩ අවම වෙමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.