ආර්ථිකය අවුලක, ඇමැතිවරුන්ගෙ සුරංගනා කතා අල්ලෙ පැලවෙයි!

අපේක්ෂිත අන්දමින් විදේශ ආයෝජන නොලැබීම නිසා ආර්ථිකය මහත්අර්බුදයකට ඇද වැටෙමින් තිබෙන බව පසුගිය සතියේ ආණ්ඩුවේ අවධානයට ලක්ව තිබේ.

අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී අවධානයට ලක්ව ඇති කරුණු අනුව, මේ වනවිටත් ආණ්ඩුවේ ඇතැමුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අන්දමට විදේශ ආයෝජන කිසිවක් නොලැබීම හේතුවෙන් මෙම තත්වය හටගෙන තිබේ. සහල් මාෆියාව විසින් වී අලෙවි මණ්ඩලයේ තොග මිලදී ගැනීමෙන් පසුව සහල් නිකුත් නොකිරීම පාරිභෝගිකයන්ට නිර්දේශිත මිලගණන්වලට සහල් මිලදී ගැනීමට අවස්ථාව අහිමිකර ඇත. පොල් පලදාව 13%කින් ඇදවැටීම නිසා පොල් මිල ඉහළ යාමෙන් ද අර්බුදකාරී තත්වය උත්සන්න වී ඇත. එසේම පවතින නියං තත්වය තුළ කෘෂිකාර්මික නිෂ්පාදනය අවම වීමෙන් ආර්ථිකය වඩාත් අභියෝගාත්මක තත්වයකට පත්වීමට නියමිත බව අදාළ ආර්ථික විශ්ලේෂකයන් විසින් ආණ්ඩුවට අනතුරු අගවා තිබේ.

මේ අතර විදේශ වත්කම් පහත වැටීමෙන් ආර්ථිකය තවදුරටත් අවදානමට ඇද දමා ඇත. එක්සත් ජනපද සමාගමක් විසින් මුල්‍ය ක්ෂේත්‍රයේ ආයෝජනය කළ ඩොලර් මිලියන සිය ගණනක් ඉවත්කිරීමත් සමග ඇති වූ තත්වයක් මීට බලපා ඇති බව නිරීක්ෂකයන්ගේ අදහස වී ඇත. විදේශ වත්කම් අවප්‍රමානවීමට සමාන්තරව රුපියලේ අගය පහතවැටීමේ අවදානමක්ද උද්ගතවී ඇත. අර්බුදය හමුවේ ජාතයන්තර මුලය අරමුදලේ නිර්දේශය වී ඇත්තේ ඩොලර් මිලියන 500ක් විවෘත වෙළෙදපොලෙන් ලබාගත යුතු බවය.

මෙම තත්වය වඩාත් නරක අතට හැරෙමින් තිබෙන්නේ විදේශ ණය ප්‍රමාණය පියවා ගැනීමට ආණ්ඩුව තැබූ ඉලක්ක බිදවැටීම නිසාය. මහබැංකු නිලධාරින් විසින් ඇමැති මන්ඩලයට ඉදිරිපත් කල සංඛ්‍යා දත්ත අනුව 2016 වසර වනවිට රාජ්‍ය ණය රු. බිලියන 9429කි. මේ අතර 2018 වසරේදී භාන්ඩාකාර බැදුම්කර කල්පිරීම මත ගෙවීමට සිදුව රු. බිලියන 949ක් උපයාගැනීමද දෂ්කර ඉලක්කයක් වනු ඇති බව මහබැංකු නිලධාරින්ගේ මතය වීඇත. දැනට ඇති තත්වයන් අනුව එසේ ගෙවීමට හැකිවන ආකාරයට අපේක්ෂිත ආදායම් තත්වය වන්නේ රු. බිලියන 720කි.

ශ්‍රී ලන්කන් හා මිහින් ගුවන් සමාගම්වල මුල්‍ය අක්‍රමිකතා ඇතුළුව පසුගිය කාලයේ රාජ්‍ය ආයතනවල මුල්‍ය කළමනාකරණයේ ගැටලුද මුහුණ දෙමින් පවතින ආර්ථික අර්බුදයට දායක වී ඇති බව මහබැංකු නිලධාරින් පෙන්වා දී ඇත.

Leave a Reply